ගෝඨා කුමන්ත්‍රණයක.


පසුගිය රජයේ ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ නැවත රාජ්‍ය බලය ලබාගැනීමේ සැලසුම් සකස් කරමින් සිටින බවට තොරතුරු වාර්තාවේ.

ඔහුගේ හිතවත් නීතීඥ කණ්ඩායමක් සමග මේ පිළිබද කරන ලද රහසිගත සාකච්ජාවකදී මේ බව අනාවරණය කර ඇතැයි දැනගන්නට ලැබේ. යහපාලන රජය දිනෙන් දින අප‍්‍රසාදයට පත්වෙමින් පවතින හෙයින් ආණ්ඩුව සමග ගැටුමකට නොගොස් නිහඩව ප‍්‍රබල ජනතා මතයක් නිර්මාණය කිරීමට සමාජ බලවේග නිර්මාණය කළ යුතු බවද පවසා ඇතැයි වාර්තාවේ.

ඒකාබද්ධ විපක්ෂය යැයි කියන කණ්ඩායම රටතුළ බලවත් කිරීමට උපක‍්‍රම යෙදිය යුතු බවද පවසා ඇතැයි වාර්තාවේ. මාධ්‍ය ඒ සදහා යොදා ගතහැකි ආකාරය ගැනද සැලසුම් සකස් කළ යුතුයැයි සාකච්ජා වී ඇති බවද වාර්තාවේ. ඒ වෙනුවෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන රාජ්‍ය රාජපක්ෂ කල්ලිය යොදා ගනිමින් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව පැවසේ.

Share on Google Plus