වාහන බලපත‍්‍රය වෙනුවට සහනයක්.


එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් අයවැය යෝජනා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් ඊයේ පැවැත්වුණා.

ඒ බෙන්තර ප‍්‍රදේශයේ පිිහිටි හෝටලයකදියි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, පාඨලී චම්පික රණවක සහ කබීර් හෂීම් යන අමාත්‍යවරුන් මෙහිදී දැනුවත් කිරීමේ දේශන පවත්වා තිබෙනවා.

2016 අයවැය ලේඛණයේ ඇති යම් යම් අඩුපාඩු සහ සිදුකල යුතු සංශෝධනවලට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා කමිටු 5 ක්ද මෙහිදී පත් කෙරුණා.

ඒවායේ නායකයන් ලෙස අකිල විරාජ් කාරියවසම්, හරීන් ප‍්‍රනාන්දු, අජිත් පී පෙරේරා, හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික‍්‍රමරත්න යන අමාත්‍යවරුන් පත් කර තිබෙනවා. 

ඊයේ පැවති මෙම දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයේදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වුණා.

පොහොර සහනාධාරය සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ බදු රහිත වාහන බලපත‍්‍ර අහෝසි කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වුණා.

බදු රහිත වාහන බලපත‍්‍ර වෙනුවට රාජ්‍ය නිලධාරීන්ට වෙනත් සහනයක් ලබාදීමට මෙහිදි එකගතාවක් ඇති වී තිබෙනවා.


Share on Google Plus