DLB ලොක්කා ගරාජ් බාස් කෙනෙක් - සුදුසුකම : රවීගේ මස්සිනා.


යහපාලන ආණ්ඩුව විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයට පත්කර ඇති සභාපතිවරයා විසින් තවමත් තම තොරතුරු ඇතුලත් ජීව දත්ත සටහනක් ආයතනයේ මානව සම්පත් අංශය වෙත ලබා දී නැතැයි Info Sri Lanka News වෙත වාර්තා වේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර ඇති රොමේෂ් ජයවර්ධන මහතාට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ බිරිදගේ නැඟනියගේ සැමියා වීම හැර එම තනතුර දැරීමට වෙනත් කිසිදු සුදුසුමක් නැති අතර ඒ නිසාම ඔහු විසින් අදාළ ජීව දත්ත සටහන ආයතනය වෙත ලබා දී නැත.

කෙසේ නමුත් ඔහු වසර ගණනක් තිස්සේ කැනඩාවේ රැඳී සිටි පුද්ගලයෙකු වූ අතර එහි ගරාජයක සේවය කල අයෙක් ලෙසද සැලකේ.

මෙසේ නුසුදුසු පුද්ගලයන් තනතුරුවලට පත්කිරීම නිසා රටට සිදුවන හානිය මිල කල හැක්කක් නොවේ.

Share on Google Plus