චැප්ලින්ලා ගියා හිට්ලර්ලා ආවා - හේමප‍්‍රිය කවිරත්න.



  • හිට්ලර් 

අන්තර අසරණ දරිද්‍රතාවයකින් යුතු ජීවිතයක් මත ඉපදුණු හිට්ලර් පළමු ලෝක යුද්ධයේ දී ජර්මන් හමුදාවේ සොල්දාදුවෙකුව සිට ජර්මනියේ අසහාය පාලකයා බවට පත්වූයේ 1933දී ය. ජර්මනිය පළමු ලෝක යුද්ධයෙන් පසුව යුධමය වශයෙන් පරාජිත ජාතියක් වීම හා ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන් ඇති වූ අඛණ්ඩ බිඳවැටීම් හිට්ලර් නිර්මාණයට හේතු විය. ආර්ය ලේ ඇතැයි සිතන ජර්මානුවන්ගේ යුද පරාජයෙන් ඇති වූ දැඩි මානසික බිඳවැටීම හිට්ලර්ට බලයට පත්වීමට ආශිර්වාදයක් විය. මාතෘභූමිය රැක ගනිමින් ශක්තිමත් එක්සත් විනයානුකුල ජර්මනියක් ගොඩනැගීමට හිට්ලර් කටයුතු කළේය. සෙසු දේශපාලන මත දරන්නන් පෝරකයට දක්කමින් දේශපාලනික වශයෙන් මෙන්ම ශාරීරික වශයෙන් ද ඔවුන් ඝාතනය කළේය. ජර්මනියේ පරම හතුරන් ලෙස සැලකූ යුදෙව්වන් සමූල ඝාතනය කළේය. ලෝකයම තම අණසකට යටත් කර ගැනීමට උත්සාහ කළේය. මිලිටරිකරණය මත සමාජය නිද්‍රාවට පත් කළේය. ලොව ශක්තිවන්තම නායකයා විය. මාධ්‍ය භාවිතය මගින් තමා වන්දනීයත්වයට පත් කර ගත්තේය. බුද්ධිය යටපත් වූ හැඟීම් එන්නත් කළ දේශයක් නිර්මාණය කළේය. අවසානයේදී හිට්ලර් සෝවියට් ආක‍්‍රමණ හා මිත‍්‍ර පාක්‍ෂික හමුදා ආක‍්‍රමණ හමුවේ හැසිරුණේ චැප්ලින් මොඩලයටය. මහා වීරයින් හාස්‍යජනක චරිත වෙමින් සියදිවි නසා ගත්තේය. එම නිසා හිට්ලර්ලා වුව ද අවසානයේ චැප්ලින්ලා වන්නේය. 


  • චැප්ලින් 

එංගලන්තයේ අන්ත දිළිඳු පවුලක උපන් චැප්ලින් ද හිට්ලර් මෙන් දරිද්‍රතාවය තුළින් මතු වූ අසහාය චරිතයකි. හාස්‍ය මැවීම අතින් චැප්ලින් ඉතිහාසයේ වීරයා වී අවසානය. එංගලන්තයේ කුඩා හෝටල්වල රඟපා අවසානයේ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගත් චැප්ලින් හාස්‍ය හා ශෝකය එක්ව වින්දනයට මෙන්ම වේදනාවට මිනිසුන්ව ලක් කළේය. The Kid, Sholder Arms, A dog life, City lights හරහා අනුන්ට මෙන්ම තමන්ට ද නැවත හැරී හිනාවෙන්නට ඉගැන්වූ චැප්ලින් අවසානයේ The Great Dictator හරහා හිට්ලර්ට ඇන්දේය. හිට්ලර්ට රඟපෑවේය. චැප්ලින් ඒ හරහා හිට්ලර්ව හරියටම අනුකරණය කළේය. මේ අනුව  ඕනෑම චැප්ලින් කෙනෙක් කුමන හෝ මාදිලියකින් හිට්ලර්ලා වීමට කැමැතිය. 


  • මහින්ද රාජපක්‍ෂ 

තම පක්‍ෂය තුළින් මතු වූ කෙනෙහිලිකම් මධ්‍යයේ වුව ද ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා විය. රට තුළ මතුව තිබූ ජාතිවාදී බලවේගය මහින්දව ඉදිරියට ඔසවා තැබුවේය. හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ එහි ඉදිරියෙන්ම සිටියේය. ප‍්‍රභාකරන් මූලිකත්වය ගත් තිස් වසරක යුද්ධය තුළ අපේක්‍ෂා භංගත්වයට පත්ව තිබූ සිංහල ජන වර්ගයේ අසහාය ගැලවුම්කාරයා මහින්ද විය. හිට්ලර් යුදෙව්වන් විනාශ කළා සේ මහින්ද එල්.ටී.ටී.ඊ. ප‍්‍රමුඛ ඒ හා ගෑවුණු දෙමළ ප‍්‍රජාව විනාශ කළේය. මාධ්‍ය සංදර්ශන පැවැත්වූයේය. සර්ව බලධාරී විය. ආගම අවිය කොට ගත්තේය. ජාතියේ නායකයා විය. ජාත්‍යන්තරවාදය ප‍්‍රතික්ෂේප කළේය. පාසල්, විශ්වවිද්‍යාල පවා මිලිටරීකරණයට සූදානම් කළේය. හිට්ලර් ඡුන්ද නොතිබ්බාට මහින්ද දිනන්න පුළුවන් හැම මොහොතකම ඡුන්ද තිබ්බේය. හිට්ලර් මෙන් විරුද්ධ පක්‍ෂ තහනම් නොකළ ද ඒවා දියාරු කළේය. ප‍්‍රතිවිරුද්ධ පරාජිත ජනාධිපති අපේක්‍ෂකයා හිර කළේය. විශ්වාසවන්ත කාඩරයක් සමඟ රට පාලනය කළේය. පළමු හා දෙවන ධූර කාල තුළ හිට්ලර් තරම් ෆැසිස්ට්වාදී නොවූව ද එම කාලවලදී එයට පසුබිම සකස් කළ නිසා අවිනිශ්චිත මොහොතකදී මෙරට ජනතාව මහින්දගේ පරාජය නිශ්චිත කළේය. චැප්ලින්ට මෙන්ම රඟපෑමට අවශ්‍ය සහාය හාස්‍යජනක නළුවෝ මහින්දට ඇති තරම් විය. ජනාධිපති ධූරයේ අවසන් කාලය තුළ මහින්දගේ හැසිරීම සමාන වූයේ හිට්ලර්ට නොව චැප්ලින්ටය. හාස්‍ය හා වේදනාව මහින්ද තුළ පැවතුණේය. හාස්‍යමුසු ප‍්‍රකාශ සිදු කළේය. ෆොන්සේකාගේ පරාජයට කලවැද්දා බලපෑවා සේම මහින්දගේ පරාජයට ෆයිල් බලපෑවේය. මේ අනුව හිට්ලර් කෙනෙක් වෙන්නට සිටි මහින්ද හාස්‍ය හා ශෝකය මුසු වූ පරාජයකින් ජනාධිපතිවරණ වේදිකාවෙන් බැස ගියේය. එම පරාජය මහින්දට තමන් දෙස හැරී සිනාසීමටත් හැ`ඞීමටත් ඉගැන්වූවේය. 


  • මෛත‍්‍රීපාල සිරිසේන 

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම්වරයා පොදු විපක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වීම ලංකා දේශපාලනයේ හාස්‍යයක්ම විය. එය හරියට චැප්ලින්ගේ චිත‍්‍රපටයක තියෙන හිතාගන්න බැරි දර්ශනයකට සමානය. නමුත් එය නිර්භීත විය. අදටත් මහින්දට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් වී වෙනම බලවේගයක සෘජුව ස්ථානගත වීමට ශක්තියක් නැත. නමුත් මෛත‍්‍රී එය සිදු කළේය. එසේ වුණත් මෛත‍්‍රී තම පළමු මාධ්‍ය සාකච්ඡුාවේදී ම හැඬුවේ ය. තමන්ට දරුවන් මතක් වන බව කීවේ ය. ජීවිතය අවිනිශ්චිත බව පෙන්වා දුන්නේය. එය විරුද්ධ මතවාදීන්ගේ හාස්‍යයට ලක්විය. හිටං හෝ නොහිටං එය එසේම සිදුවිය. මහින්දගේ ශාරීරික පෞරුෂයට ලංවීමට නොහැකි තැන මෛත‍්‍රී මෝඩිට ඇන්දේය. 2010 දී සරත් ෆොන්සේකා ඉඩි අමීන්ට ඇන්දීමට විරුද්ධ පාක්‍ෂිකයින් කටයුතු කරන විට මෛත‍්‍රී චැප්ලින්ට සමාන කළේය. බිය, ශෝකය, වේදනාව මෛත‍්‍රීගේ මුහුණෙන් දෘශ්‍යමාන විය. මෛත‍්‍රී හා සමාන මෛත‍්‍රී ඩමි නිර්මාණය කළේය. මිස්ටර් බීන්ලා යැයි විරුද්ධ මතධාරීන්  හැ\ින්වූ අය චාර්ලි චැප්ලින් කැඳවාගෙන ආවා යැයි කීවේය. සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඡුන්දය ප‍්‍රකාශ කිරීමෙන් පසු අරලියගහ මැදුරට හා ජනාධිපති මැදුරට මැදිව තිබෙන සිනමන් ලේක් හෝටලයට වී එඩිතරව සිටියදී මෛත‍්‍රී ඡුන්දය දැමීමෙන් පසු කුරුණෑගල පොල් වත්තක සැඟවුණේ ය. නමුත් ඔහු ජයග‍්‍රහණයෙන් පසු එළියට පැමිණ දිවුරුම් දී වැඩ භාරගත්තේය. ඊට පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 40 ගණනක් හිමිව සිටි රනිල් අගමැති කළේය. ව්‍යවස්ථා සංශෝධනයකින් ජාතික ආණ්ඩුවකට මග හදාගත්තේ ය. අගෝස්තු 17 පැවති මැතිවරණයට ජාතිය අමතමින් සහ ලියුම් යවමින් තම විරුද්ධවාදීන් මර්ධනය කොට තමන්ගේ න්‍යාය පත‍්‍රයට ගැළපෙන යහපාලන ආණ්ඩුව නිර්මාණය කර ගත්තේය. ඊට පසු පරාජිත අපේක්‍ෂකයින්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත‍්‍රීධූර දුන්නේ ය. ඥාති සංග‍්‍රහය ප‍්‍රතික්ෂේප කළ ද දැන් ක‍්‍රමිකව ඒ දෙසට යන බව පෙනෙන්නේ ය. තම ප‍්‍රතිරූපය වර්ධනයට කටවුට් පෝස්ටර් ගසන්නේ ය. අපි මාධ්‍ය රකිනවා සේම මාධ්‍ය අපිව රැුකිය යුතු බව කියන්නේ ය. විරුද්ධ දේශපාලන මත දරන්නන් නීත්‍යානුකූලව මර්ධනය කරන්නේ ය. එය ප‍්‍රශස්ත බව සිතන්නේය. විපක්‍ෂ නායකකම විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධූරය තම ජයග‍්‍රහණයට පාර කැපූ අයට දෙන්නේ ය. මහින්දගේ පරාජයට ෆේස්බුක් බලපෑ බව දන්නා නිසා ෆේස්බුක් මර්ධනයට නීති සකසන්නේය. යහපාලනයේ නාමයෙන් ජාතික වුවමනාවන් යැයි පවසමින් ආඥාදායකත්වයට පාර කපා ගන්නේය. තම කාඩරය ලවා පාර්ලිමේන්තුව තුළ විරුද්ධ දේශපාලන මතධාරීන් දේශපාලන අනාථයින් හිඟන්නන් යනාදී වශයෙන් ආමන්ත‍්‍රණය කරවන්නේය. ඒ හරහා කුමන හෝ ජනමතයක් නියෝජනය කරන නියෝජිතයින් හාස්‍යයට ලක් කරන්නේය. 1947 සිටම විපක්‍ෂයක් තිබූ රටක් විපක්‍ෂයක් නොමැති ඛේදවාචකයකට තල්ලූ කරන්නේය. 

මේ අනුව හිට්ලර් ගියා චැප්ලින් ආවා යන මතය අදට වලංගු බව ඇතැමුන්ට සිතුන ද මේ ආකාරයට ගියෝතින් අනාතයේ කියන්නට වන්නේ චැප්ලින්ලා ගියා හිට්ලර්ලා ආවා කියා ය. එහෙම වුණොත් හැමෝටම එඩ‍්‍රස් නැතිවනු ඇත.  


-හේමප‍්‍රිය කවිරත්න
©www.InfoSriLankaNews.com


Share on Google Plus