ඌව මහ ඇමති ගුරුවරුන්ට තහනමක්.


ලබන ජනවාරි මාසයේ සිට ඌව පළාතේ පාසල් ගුරුවරුන්ට පාසල් කාලය තුළ ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරන බවත් යම් ගුරුවරයෙකු ජංගම දුරකථනයක් පාසල් වේලාවේදී භාවිතා කර අසුවුවහොත් ස්ථාන මාරුවකට සුදානම් වන ලෙසත් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

වියලුව, තල්දෙන නවෝද්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

පාසල් කාලය තුළදී ගුරුවරුන් සිය ජංගම දුරකථන ක්‍රියාවිරහිත කර විදුහල්පතිගේ කාර්යාලයේ තැබිය යුතු බවත් නිවසින් හෝ වෙනත් අයෙකුගේ හදිසි පණිවිඩයක් විදුහල්පතිට දැනුම්දීමට හැකි පරිදි විදුහල්පතිගේ දුරකථන අංකය ඔවුන්ට දීමට හැකි බවත් එහිදී ප්‍රධාන අමාත්‍යවරයා කියා ඇත.

මේ අනූව විදුහල්පතිගේ දුරකථනය ක්‍රියාවිරහිත කර ගැනීමේ අවශ්‍යතාවයක් නැති බවත්, පාසල නිමවූ පසු ගුරුවරුන්ට විදුහල්පතිගේ කාර්යාලයේ තබා ඇති බවත්, ජංගම දුරකථන රැගෙන යා හැකි බවත් ඔහු පවසා තිබේ.

ඇතැම් සිසුන්ද පාසලට ජංගම දුරකථන රැගෙන එන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද  ඉදිරියේ දී නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බවත් සිසුන් කිසිවෙකුටත් පාසල් කාලයේදී ජංගම දුරකථන භාවිතා කිරීමට නොදෙන බවත් මහ ඇමතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

එසේම පාසල් සිසුවියන්ගේ වගකීම එක් කාන්තාවකට පවරන බවද මහ ඇමතිවරයා එහිදී තවදුරටත් කියා ඇත.

Share on Google Plus