ඇවන්ගාඩ් ඇවිලෙයි. - කැබිනට් ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමක්.


ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන්ගේ විශේෂ රැස්වීමක් කඩිනමින් කැඳවීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා. ඉදිරි දින කිහිපය තුළ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ කැබිනට් අමාත්‍ය හමුව පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ඇවන්ගාඩ් සිද්ධියේ පරීක්ෂණ පිළිබඳව ඊයේ (05) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. පසුගියදා නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන පාර්ලිමේන්තුවේදී ඇවන්ගාඩ් පරීක්ෂණ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලය තුළ ඇතිවු කතාබහට ප්‍රධාන හේතුව වූ බව සඳහන්.

මාරපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ ඇවන්ගාඞ් සිද්ධිය පොලිසිය ලකුණු දා ගැනීමට කළ ක්‍රියාවක් බවයි. රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.

ඔවුන් පවසා ඇත්තේ කඩිනමින් ඇවන්ගාඞ් සිද්ධිය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.


Share on Google Plus