ඇක්සස් ගේ ණයකරේ අනුමතයි - යහපාලන ඩීල් එක හරිද?


ඇක්සස් ඉංජිනියරින්ග් පීඑල්සී විසින්, ණයකර නිකුතුවක් සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කර තිබූ ඉල්ලීම අනුමත කර ඇති බව වාර්තා වේ.

මේ අනුව මූලික වශයෙන් රුපියල් බිලියන 3 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා රුපියල් 100 බැගින් වූ ණයකර මිලයන 30 ක් නිකුත් කිරීමට සමාගමට අනුමැතිය හිමිව තිබේ. යමේ හෙයිකින් මෙම ණයකර නිකුතුව සඳහා අධි ඉල්ලුමක් ඇති වුවහොත් තවත් ණයකර මිලියන 20 ක් නිකුත් කිරීමට ද සමාගම සැලසුම් කර ඇත.

මේ අනුව රුපියල් බිලියන 5 ක් වටිනා ණයකර නිකුතුවක් දියත් කිරීමට ඇක්සස් ඉංජිනියරින්ග් පීඑල්සී පිඹුරුපත් සකස් කර තිබේ. නොවැම්බර් 12 වැනිදා සිට මෙම ණයකර මිල දී ගැනීමේ අවස්ථාව මහජනතාවට හිමිවනු ඇත.


කෙසේනමුත් ඇක්සස් ව්‍යාපාරයේ හිමිකරු සුමල් පෙරේරා විසින් රාජපක්ෂ රෙජීමයේ ඉහළ සිට පහල තැනැත්තා දක්වා පගාවට පුරුදු කොට, ඩීල් දමා අන්දවා වලපල්ලට යැව්වා සේම රනිල් - මෛත්‍රී යහපාලන ආණ්ඩුවද ඩීල් තොගයක පටලවා විනාශ කිරීම අරඹා ඇති බවට පසුගිය සමයේ මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි.


එසේම ඇක්සස් ව්‍යාපාරයේ හිමිකරු සුමල් පෙරේරා සමග ජනාධිපතිවරයාගේ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේන මහතා මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ සහෝදරයා වන චන්න වික්‍රමසිංහ මහතා ද හෝටල් පරිශ්‍රතුල ව්‍යාපාර ගණුදෙනු පිළිබඳ කතා කරමින් සිටිනු දක්නට ලැබුණු බව ද මාධ්‍ය වාර්තා පලවිය.



Share on Google Plus