හෙට විශේෂ හෙළිදරව්වක් - ඇවන්ට්ගාඩ් නිවේදනය කරයි.


ඇවන්ට්ගාඩ්  සිදුවීම සම්බන්ධයෙන් ‍විශේෂ හෙළිදරව් කිරීමක් හෙට දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකරන බව ඇවන්ට්ගාඩ් මෙරිටයිම් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ්  පවසයි.

එම සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතා පවසන්නේ හෙට(13) පෙරවරුවේ මෙම විශේෂ හමුවේදී සාක්ෂි සහිතව කරුණු රැසක් අනාවරණය කරන බවයි.

ඊයේ දිනයේ ජනාධිපතිවරයා සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා රැස්වුණු කමිටුව ගනු ලැබූ තීරණ හා කරනු ලැබූ සාකච්ඡාව පිළිබඳවද තම අදහස් පළකිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


Share on Google Plus