මැති ඇමතිවරු ඇවන්ගාඩ් විතරක් අල්ලා ගත්තේ ඇයි?


මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුකරන ලද මහජන දේපළ කොල්ල කෑම් පිළිබඳ බරපතල චෝදනා 24ක් සහ වර්තමාන ආණ්ඩුවේ බරපතල වංචා දූෂණ පිළිබඳව සුවිශේෂී හෙළිදරව්වක් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පසුගිය 4වන දා පාර්ලිමේන්තුවේදී සිදු කරනු ලැබී ය.

මෙයට අමතරව 1994 දක්වා පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ වංචා දූෂණද එතැන් සිට 2001 දෙසැම්බර් දක්වා පැවති පොදු පෙරමුණු ආණ්ඩුවේ වංචා දූෂණද 2002-2004 කාලයේ පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ වංචාදූෂණද ඇතුළු සමස්ත වංචා දූෂණ පිළිබඳව මෙහිදී හෙළි කර තිබින.

පසුගිය ජනවාරි 8වෙනි දින රජපක්ෂ පාලනය අවසන් කිරීමෙන් පසු පිහිටුවාගන්නා ලද හවුල් ආණ්ඩුව සහ පසුගිය අගොස්තු මහ මැතිවරණයෙන් පසුව පිහිටුවා ගත් වත්මන් ආන්ඩුව සිදු කර තිබෙන මහා පරිමාණ වංචා දූෂණ තුනක්ද මේ අතර පවතී.

ආණ්දෝලනාත්මක බැඳුම්කර වංචාව, මහා පරිමාණ ඇවන්ගාඩ් ගණුදෙනුවේ වංචා සහ ගල්අඟුරු ටෙන්ඩරයක් ලබාදීම පිළිබඳව හෙළිවී තිබෙන වංචා මේ අතර වේ. ආණ්ඩු හයක් විසින් සිදුකරණ ලද වංචා දූෂණ පිළිබඳව මෙම සම්ස්ත හෙළිදරව් කිරීම් මගින් සිදු කළ නමුත් මේ වනවිට මාධ්‍ය ඔස්සේ අවධානය යොමු කර තිබෙන්නේ සහ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ අනුගාමිකයින් විසින් නිදොස්වීමට උත්සාහ කරමින් සිටින්නේ ඇවන්ගාඩ් වංචාව පිළිබඳව ය.

මේ සියළු තත්වයන් තුළ පාර්ලිමේන්තුව තුළ සිටින එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමතිවරුන් බහුතරයක්ද රාජපක්ෂ හිතවාදී විමල් වීරවංශ දිනේශ් ගුණවර්ධන, උදය ගම්මන්පිල ඇතුලු පාර්ලමේන්තු මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තුවෙන් පිටත සිටින දේශපාලනඥයන් විශාල පිරිසක්ද පෙරලා අණුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට පහරදීම සඳහා යොදාගෙන තිබෙන්නේ ඇවන්ගාඩ් වංචාව පමණක් වීම විශේෂත්වයකි. ඇවන්ගාඩ් වංචාව වසා ගැනීම සඳහා මහා පරිමාණයෙන් මුදල් වියදම් කර තිබෙන බවට කරුණු හෙළිවෙමින් තිබියදී එය වසා ගැනීමට මේ ආකාරයෙන් නිලධාරීන් සහ දේශපාඥයන් පෙලගැසී ඇති බව පැහැදිළි ය.

අනුර දිසානායක මහතා හෙළි කරණ ලද මහා පරිමාණ වංචාදූෂණ කිහිපයක් මෙසේ ය.

01. විදුලි සංදේශණ නියාමන කොමිසමේ මුදල් රුපියල් මිලියන 600ක් වැය කර ජනාධිපතිවරණය වෙනුවෙන් බෙදාදීමට සිල් රෙදි මිලදී ගැනීම.

02. සී.එස්.එන්. නාලිකාව ආරම්භ කිරීම සහ ක්‍රිකට් ක්‍රීඩා විකාශන අයිතිය එම නාලිකාවට ලබාදීමෙන් රජයේ රූපවාහිනී ආදායම රුපියල් මිලියන 2800ක් අහිමි කිරීම.

03. "සිරිලිය සවිය" රාජ්‍ය නොවන ආයතනයේ වංචා.

04. ඛණිජ නැව් 08ක් ගෙන්වීමේදී රුපියල් මිලියන 1037ක පාඩුවක් සිදු කිරීම.

05. CWG හම්බන්තොට 2018 නමින් සමාගමක් පිහිටුවා රුපියල් මිලියන 713කට අධික මුදලක් වංචා කිරීම.

06. දිවිනැගුම බැංකු අරමුදල් වංචාව.

07. වරාය අදිකාරියේ වංචාදූෂණ.

08. පුෂ්පා රාජපක්ෂ පදනමට රජයට අයත් ලංකා ටර්මිනේටට් සමාගමෙන් ඇමරිකන් ඩොලර් එක්ලක්ෂ පනස්දහසක් ලබා දීම.

09. සජින් වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රීවරයා මහජන බැංකුවේ ණය මුදල් නොගෙවීම.

10. ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරයට රජයේ මුදල් යෙදවීමට.

Share on Google Plus