ඇවන්ට්ගාඩ් යලිත් පැන යයි - මාධ්‍ය හමුව අවලංගුයි.


ඇවන්ට්ගාඩ් සිදුවීම ගැන කරුණු දැක්වීම සඳහා අද පෙරවරුවේ පවත්වන බව කියූ මාධ්‍ය හමුව අවලංගු කළ බව එම සමාගම යළි නිවේදනය කර තිබේ.

ඇවන්ට්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් නිශ්ශංක සේනාධිපති මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10ට තලවතුගොඩදී මෙම මාධ්‍ය හමුව පවත්වන බව එම සමාගම ඊයේ පවසා තිබුණි.

කෙසේ වෙතත් සභාපතිවරයාට පසුගිය මස 21 වැනිදා සැත්කමක් කළ බවත්, දින 41ක් ඇඳ විවේකය අවශ්‍ය බවට ‍වෛද්‍ය නිර්දේශය වී ඇති බවත්, මේ නිසා අද මාධ්‍ය හමුව නොපවත්වා ඉදිරි දිනක පැවැත්වීමට කටයුතු කරන බවත්, එකී නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.


Share on Google Plus