හොර ගනුදෙනු හෙළිවෙයි - ඇවන්ගාඩ් ගිවිසුම අහෝසියි.


ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම හා රජය අතර ගිවිසුම් සියල්ල අහෝසි කර මෙහෙයුම් සියල්ල නාවික හමුදාව යටතට පැවරීමට ඊයේ (11) පස්වරු 4.00ට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවෙන් අනතරුව රජය තීරණය කළ බව ඇමැති රාජිත සේනාරත්න මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

එම සාකච්ඡාවට පොලිස්පති, නීතිපති, ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන්, නාවික හමුදාපති, රක්නා ලංකා නියෝජිතයන් ඇතුළු නිලධාරීහුද, ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, විජයදාස රාජපක්ෂ සහ පාඨලී චම්පික රණවක මහත්වරුද සහභාගී වී ඇත.

මෙම සාකච්ඡාවේ දී හොර ගනුදෙනු ගැන තොරතුරු හෙළි වූ බවත්, ඒ සියල්ල ගැන විමර්ශනය කර වහාම නීතිමය පියවර ගන්නැයි පොලිස්පතිට හා නීතිපතිට ජනපති දැන්වූ බවත් සේනාරත්න මහතා කීවේය.

Share on Google Plus