ජාතික ආණ්ඩුව පෙරට - ඇවන්ගාර්ඩ් හරහට.


ඇවන්ගාර්ඩ් ගනුදෙනුව සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් හේතුවෙන් ඊයේ (05) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීම දැඩි උණුසුම් ස්වභාවයක් ගෙන තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඇවන්ගාර්ඩ් සිද්ධිය පදනම් කර ගනිමින් ඇමැතිවරුන් දෙපිරිසක් වාද විවාද සිදු කර ගැනීම හේතුවෙන් මෙම තත්වය මතු වූ බවයි.

රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන් පෙන්වා දී ඇත්තේ ඇවන්ගාර්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් රජය පූර්ණ විමර්ශනයක් සිදු කර වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදිය යුතු බවයි.

සිද්ධිය යටපත් කිරීමට කිසිදු පාර්ශ්වයකට අවස්ථාව ලබා නොදෙන බවද ඔවුන් කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප‍්‍රකාශ කර තිබෙනවා.

ඇවන්ගාර්ඞ් සිද්ධිය ජාතික ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරන සාධකය බවට පත්වනු ඇති බවයි රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් මෙහිදී පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත් ඊට තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විරෝධය පළ කර තිබෙනවා. 

කෙසේ වෙතත් අවසානයේදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබෙන්නේ ඇවන්ගාර්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී ප‍්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි ඊට පෙර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලු මන්තී‍්‍රවරුන් සමග සාකච්ඡා කරන බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

ඊට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද එකඟතාව පළ කර ඇති බවයි වාර්තා වන්නේ.


Share on Google Plus