මහින්දට 70යි - ඒකාබද්ධ විපක්ෂයෙන් ආගමික වතාවත්.


අද (18) ට යෙදෙන පා.ම. මහින්ද රාජපක්ෂගේ 70 වන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබුණා. අද උදෑසන නාරාහේන්පිට අභයාරාමයේ කිරිඅම්මාවරුන් උදෙසා දානමය පුණ්‍ය කර්මයක් සිදුකෙරුණු අතර, හින්දු ආගමික වතාවත්වලට ඒ මහතා සහභාගි වුණේ වැල්ලවත්ත මයුරපති කෝවිලේදියි. 

පා.ම. මහින්ද රාජපක්ෂගේ ජන්ම දින සැමරුම වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ප්‍රධාන ආගමික උත්සවය අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී අද පස්වරුවේ පැවැත්වුණා. 

එසේම රුවන්වැලි මහ සෑ රදුන් අභියස සිදුවන අසූහාරදහසේ පහන් පිංකමකටද පා.ම. මහින්ද රාජපක්ෂ එක්වුණා. 


Share on Google Plus