ඉකුත් ජනපතිවරණ සමයේ ධීවර වරාය සංස්ථාවේ මූල්‍ය වංචා 5ක්.



බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් හා බලය අවභාවිතය පිළිබඳ විමර්ශනය කෙරෙන පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පළමුවැනි නිරීක්ෂණ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ ලංකා ධීවර වරාය සංස්ථාවේ මුදල් අවභාවිතය කිරීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේ අවසන් වාර්තාව මෙලෙස ජනාධිපතිවරයා වෙත ඉදිරි කටයුතු සඳහා ඉදිරිපත් කර ඇත. මේ විමර්ශනයට අනුව ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි චන්දන හල්පිට, එහි සාමාන්‍යාධිකාරි ගලපිටගෙදර පියල් අබේසේකර, හිටපු වැඩ බලන ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ උපුල් චමින්ද පෙරේරා කුමාරසිංහ, සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ යන අය මින් ඉදිරියට රජයට අනුබද්ධිත ආයතනවල තනතුරුවලට පත් නොකළ යුතු බව කොමිසම නිර්දේශ කර ඇති අතර දැනටත් ලංකා ධීවර වරාය සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ලෙස සේවය කරන පියල් අබේසේකර මහතාට සහ හිටපු සභාපති පොහොර සමාගමේ වත්මන් ක්‍රියාකාරි අධ්‍යක්ෂ චන්දන පැල්පිට මහත්වරුන්ට අපරාධ නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි කොමිසමට ලැබී ඇති බැවින් නඩු පැවරීම සඳහා අදාළ ගොනු නීතිපතිවරයා වෙත සහ අල්ලස් හෝ දූෂණ චෝදනා පිළිබඳ විමර්ශන කොමිෂන් සභාව වෙත යැවීමට කොමිසම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මේ පරීක්ෂණයට අනුව සිදුවී ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතා පහක් කොමිසම විසින් හඳුනාගෙන ඇත.

ඒ අනුව 2014.12.30 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැලියක් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ රුපියල් අසූ නව ලක්ෂ පනස් දහසක් යෙදවීම, එම රැස්වීම සඳහා ඹ්ඡ්ච් තිර රූපවාහිනියකට සංස්ථාවේ රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන් දහසක් යෙදවීම, මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ටී ෂර්ට් සහ කැප් සඳහා රුපියල් ‍ෙදාළොස් ලක්ෂ පනස් පන්දහසක් යෙදවීම, මීගමුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිට කළපුව අසල සාදා ඇති සමරු ඵලකයක් සඳහා රු. දහ අට ලක්ෂ හතළිස් අට දහසක් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව වැය කිරීම, 2015 වර්ෂය සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව රුපියල් දස ලක්ෂ අනූ දහසක් වටිනා දින පොත් මුද්‍රණය කිරීම යන කරුණු අනාවරණය වී ඇති බව කොමිෂන් වාර්තාව මඟින් වාර්තා කර තිබේ.

Share on Google Plus