මහනුවර ශ්‍රී දළදා මාලිගාව නවීන 3D ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කෙරේ.


මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇති ඉපැරණි පෞරාණික ගොඩනැගිලි නවීන 3D ඩිජිටල්  තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීම 2015 නොවැම්බර් මස මැද භාගයේදී ආරම්භ කිරීමට නියමිතය.  ඒ සඳහා වන තාක්ෂණික සහයෝගය ලබාදීමේ නිල නිවේදනය ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය මොහාර්ඩ් මැතිතුමා විසින් පසුගිය සිකුරාදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී වත්මන් දියවඩන නිලමේධුරන්ධර ගරු නිලංග දැල මහතා වෙත බාර දෙනු ලැබුණි.

3D ඩිජිටල්  තාක්ෂණය අද බහුල ලෙස කුඩා උපකරණ ආදිය සැලසුම් කිරීමට හා නිපදවීමට භාවිත කලද මෙවන් විශාල ගොඩනැගිලි එමගින් සංරක්ෂණය කිරීම ලොව මැතක ආරම්භ කල කාර්යක් වේ. මෙම ක්‍රියාව දකුණු ආසියාවේ පළමු ගොඩනැගිලි ස්කන් කිරීම වන අතර ඉපැරණි ගොඩනැගිලි සංස්කරණය කිරීමේ අරමුණින් සිදු කරනුලබන ලොව විශාලතම ව්‍යාපෘතිය ද වේ.  එමගින් ගොඩනැගිල්ලේ පිහිටීම පවතින ආකාරයෙන්ම සැම ස්ථානයක්ම .05mm නිරවද්‍ය තාවයකින්  යුතුව ඩිජිටල් වලාවක් (digital cloud) ලෙස සංරක්ෂණය වේ. එමගින් යම් ගොඩනැගිල්ලකට හෝ කොටසකට  අනතුරක් සිදුවූ අවස්තාවකදී හානිවූ කොටස් නැවත තිබු පරිදිම සකස් කරගැනීමට අවශ්‍ය දත්ත මෙමගින් ලබාගත හැක. තවද ඉපැරණි ගොඩනැගිලි වල ඇසට නොපෙනෙන සියුම් ස්වභාවිකව සිදුවන වෙනස්වීම්, බිත්ති ඇදවීම්, ගිලබසීම් ආදිය වසර කිහිපයකට වරක් කරනු ලබන මෙවැනි 3D ඩිජිටල්  ස්කෑන් සංසන්ධනය කිරීම මගින් අනාවරණය කරගත හැක. එවිට ඒ සඳහා වන ප්‍රතිකර්ම බරපතල තත්වයක් ඇතිවීමට පෙර කලහැක.

මේ පිළිබඳව ශ්‍රී දළදා මාලිගාවේදී වත්මන් දියවඩන නිලමේධුරන්ධර ගරු නිලංග දැල මහතා පැවසුයේ ; තමාවිසින් දීර්ඝ කාලින සැලසුමක් යටතේ පසුගිය වසරක පමණ කාලයක සිට සැලසුම් කර සිදුකරනු ලබන මෙම ඩිජිටල් සංරක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ලැබීම පිලිබඳ සතුටු වන බවයි, 1998 සිදුවූ LTTE පහරදීමේන් පසු සිදුකල ප්‍රති සංස්කරණ වලදී සිදුවූ විශාලතම ප්‍රශ්නය වුයේ කලින් පැවති තත්වය පිලිබඳ දත්ත නොතීබීම බවත්,  එබැවින් වසර සිය ගණනක් ලොකවාසී බෞද්ධ ජනතාවගේත්, ශ්‍රීලාංකික අනන්‍යතවයේත් ප්‍රතිමුර්තියක් වන්  ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව තවත් වසර සිය ගණනක් නවීන තාක්ෂණය ඔස්සේ සංරක්ෂණය කිරීමට ලැබීම භාගයක් ලෙස සලකන බවත්ය.  එහිදී,  මේසඳහා මුල්‍ය ආධාර මෙන්ම තාක්ෂනික ආධාර ලබාදීම සම්බන්දව ජර්මානු රජයටත්, ජර්මනියේ බැම්බර්ග් විශ්වවිද්‍යාලයටත් එය සම්බධීකරණය කල nearby.lk ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සභික  අජන්ත රත්නායක මහතාටත් මෙම කර්තව්‍ය අධික්ෂණය කරනු ලබන පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයටත් මෙය ක්‍රියාත්මක කරගැනීමට සහයෝගය ලබාදෙන  මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සංවර්ධන හා මාද්‍ය ඒකකයටත් සිය කෘතගපුර්වක ස්තුතිය පල කළේය. 




Share on Google Plus