මෛත්‍රී 'අගමැති අපේක්ෂයා' නොවේ.


ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා ජාතීවාදී කණ්ඩායම් එක් කර නොගන්නා බව නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ නිදහස් සන්ධානයේ ප්‍රතිපත්තියට ගැළපෙන කණ්ඩායම් පමණක් එක්කර ගනිමින් මැතිවරණයට  තරඟ කිරීම නිදහස් පක්ෂයේ අපේක්ෂාව බවයි.

 පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂයක් නොමැති බව මෙම මාධ්‍ය හමුවට එක්වූ විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම සඳහන් කළා.

2020 වර්ෂයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂයා තමා බවට ජනාධිපතිවරයා ඊයේ පැවති නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ප්‍රකාශ කළ බවට අද පළව තිබූ මාධ්‍ය වාර්තා පිළිබඳවද මෙහිදී මාධ්‍යවේදීන් කරුණු විමසා සිටියා.  අදාළ පුවත්පත් වාර්තාව නිවැරදි නොවන බවයි ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ.

Share on Google Plus