නවක මන්ත්‍රීවරු 17 ක්‌ චීනයට.


චීන ජන රජය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක-වරයාට කරන ලද ආරාධනාවක්‌ අනුව නවක මන්ත්‍රීවරුන් 17 දෙනකු පසුගිය (26 දා) චීනය බලා පිටත්විය. මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා මෙම කණ්‌ඩායමේ නායකත්වය දරන්නේය.

චීනය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය සබඳතා වැඩි දියුණු කර ගැනීමත් චීනයේ ආදර්ශන නගර සංකල්පය ශ්‍රී ලංකාවේ මහවැලි නගර ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාවන් පිළිබඳව මෙහිදී කරුණු අධ්‍යයනය කර දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා ඇත.

මේ රටේ සංචාරක හා පරිසර ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා චීනයෙන් ලබාගත හැකි ආදර්ශයන් පිළිබඳවද සංචාරයට එක්‌ව ඇති මන්ත්‍රී කණ්‌ඩායමේ අවධානය යොමුවී ඇත. එරට සුප්‍රකට ගුවන්ෂෝ කෞතුකාගාරය නිරීක්‍ෂණයද මන්ත්‍රීවරුන්ට අවස්‌ථාව උදාවී ඇත. ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ චීන යන්නන් පළාතේ මහජන කොන්ග්‍රස්‌ උපසභාපතිනි ඩාඕ ලින්යින් මහත්මිය එරට නගර සංවර්ධනයට අදාළ කෘතියක්‌ අනුරාධ ජයරත්න මහතාට පිරිනැමූ අයුරුයි.

Share on Google Plus