යහපාලන ආණ්ඩුව දෙදරණ ලකුණු!


මැක්ස්වෙල් පරණගම කොමිසමේ වාර්තාව හේතුවෙන් යහපාලන ආණ්ඩුව තුළ විශාල අර්බුදයක් ඇතිවීමේ ලකුණු පහළවෙමින් තිබේ. එයට හේතුව මෙම වාර්තාව තුළ පසුගිය ආණ්ඩුවේ සිටි ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් බහුතරයකගේ මුල්‍ය වංචා, හොරකම් සම්බන්ධයෙන් මෙම වාර්තාව තුළ කරුණු ඇතුළත් වීමයි. මෙම කොමිසමේ වාර්තාව එළිදැක්වීම පමා වෙමින් තිබෙන්නේ ඒ හේතුව නිසාය.

වාර්තාව එළිදැක්වුවහොත් පැවති රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නියෝජනය කළ එසේම වත්මන් යහපාලන කැබිනට් මණ්ඩලය නියෝජනය කර ඇමතිවරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයන් විශාල පිරිසකට චෝදනා එල්ලවීමට නියමිතය. මෙම ඇමතිවරුන් ආරක්ෂා කිරීමේ අරමුණින් වාර්තාව එළිදැක්වීම දිගින් දිගටම පමා කරමින් පවතී.

එහෙත් එජාප මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් එම වාර්තාව එළිදැක්වීමට කටයුතු කරන ලෙසයි. ඔවුන් හරහා ජනාධිපතිවරයා වෙත බලපෑම් කිරීමටද මෙම මන්ත්‍රීවරුන් කටයුතු කර තිබේ. ඔවුන් අවධාරණය කරන්නේ මෙම වාර්තාව එළිදක්වා එහි කරුණු පදනම් කරගනිමින්, තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් කළයුතු බවයි.

Share on Google Plus