වීරවංස - ගම්මන්පිල සන්ධානයෙන් පන්නයි.


එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජාතික නිදහස් පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය ඉවත් කරන්නැයි ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කරන්නේ සන්ධානය තුළ සිටිමින් මෙම පිරිස සන්ධානයට එරෙහිව කටයුතු කරමින් සිටින බවයි.

‘‘මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලෝකය හමුවේ අපේ රටට ගෞරවයක් ගෙන දී තිබෙනවා. මේ නිසා සන්ධානයේ සමහර කුඩා පක්ෂ කියනවා මෙය හයිබි‍්‍රඩ් එකක් කියලා. එම පක්ෂවලට ත‍්‍රිවිල් එකකවත් ගෙනියන්න සෙනගක් ජනතාවත් නැහැ. වීරවංශ, ගම්මන්පිල වාගේ අය කියනවා මෙය වැරදියි කියලා. මෙය පවා දීමක් කියලා. මේ අය කියන විදියට අපේ රට අනාථ කරන්න දෙන්න බැහැ. මං ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා සන්ධානයෙන් මේ අය ඉවත් කරන්න කියලා’’ යි මේ සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දැක්වූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසා ඇත.

Share on Google Plus