වෙලේ සුදාට මරණ දඬුවම.



හෙරොයින් ග්‍රෑම් 7.05 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා ට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා. 

මෙම නඩු තීන්දුව ලබාදුන්නේ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින්. 2008 වසරේ දෙසැම්බර් 4 වනදා හෝ ඊට ආසන්න දිනකදී ගල්කිස්ස ප්‍රදේශයේදී මෙලෙස හෙරොයින් ළඟ තබා ගත් බවට වෙලේ සුදාට එරෙහිව චෝදනා ගොනුකර තිබුණේ නීතිපතිවරයායි. 


Share on Google Plus