'Wild Ventures' අවසන් දිනය මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා අතින් විවර වේ.


වනජීවී ඡායාරූප ශිල්පී සුපුන් පෙරේරා සහ attractions.lk විසින් සංවිධානය කරන කුළුඳුල් වනජීවී ඡායාරූප ප්‍රදර්ශණයේ දෙවන සහ අවසන් දිනය (21වෙනිදා) අද උදෑසන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සුරතින් විවර විය.

'Wild Ventures' නමින් කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේදී පවත්වන මෙම ප්‍රදර්ශනය තුලින් ශ්‍රී ලංකා ජෛව විවිධත්වය කෙතරම් පොහොසත් යන කාරණය පෙන්වා දෙමින් ජනතාව වනජීවී සංරක්ෂණය වෙනුවෙන් උනන්දු කිරීමට සංවිධායකයන් බලාපොරොත්තු වේ.

ප්‍රදර්ශනය අද සවස 8.00 දක්වා නැරඹීමේ අවස්තාව ඇත.






Share on Google Plus