'Wild Ventures' වනජීවී ඡායාරූප ප්‍රදර්ශණය අමාත්‍ය සාගල රත්නායක මහතා අතින් විවර වේ.


වනජීවී ඡායාරූප ශිල්පී සුපුන් පෙරේරා සහ attractions.lk විසින් සංවිධානය කරන 'Wild Ventures' කුළුඳුල් වනජීවී ඡායාරූප ප්‍රදර්ශණය අද උදැසන (20) ගරු අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රදානත්වයෙන් මහජන ප්‍රදර්ශනයට විවර විය.

එසේම මෙම ප්‍රදර්ශනයට සමගාමීව දේශීය හා විදේශීයව පරිසරය සහ වනජීවීන් පිළිබඳ උනන්දුවක් දක්වන අයට ශ්‍රී ලංකාව පුරා සංචාරක ආකර්ෂණය සපිරි ස්ථාන 10,000ක පමණ තොරතුරු මෙන්ම එම ස්ථාන සඳහා සංචාරක මඟ පෙන්වීමක් සිදු කිරීම වෙනුවෙන් "attractions.lk" නමින් වෙබ් අඩවියක් දියත් කීරීම ද ඒ මහතාගේ සුරතින් සිදුවිය. 

මෙම අවස්ථාවට එක්සත් ප්‍රවෘර්ති පත්‍ර සමාගමේ සභාපති කාවන් රත්නායක මහතා ද සහභාගී විය.

ප්‍රදර්ශනය අද සහ හෙට (20වෙනිදා සහ 21වෙනිදා)  උදෑසන 10 සිට සවස 7.30 වන තෙක් කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේදී පැවැත්වේ.







Share on Google Plus