වෙලේ සුදා නඩු තීන්දුව අද.


හෙරොයින් ජාවාරම් කිරීම හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගම්පළ විතානගේ සමන්ත කුමාර හෙත් 'වෙලේ සුදාට' එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ තීන්දුව අද (14) ප්‍රකාශයට පත් කෙරේ.

ඉතා කෙටි කාලයකදී කඩිනමින් විභාගයට ගෙන අවසන් කෙරුණු මේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම නඩුව විභාගයට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් අද (14) දිනට දින නියම කරන ලදී.

2008/12/04 හෝ ඊට ආසන්න දිනයකදී ගල්කිස්සේ දී හෙරොයින් ග්‍රෑම් 7.05ක් ජාවාරම් කිරීම හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධව නීතිපතිවරයා විසින් වෙලේ සුදාට එරෙහිව අධි චෝදනා නඟා තිබුණි. එම චෝදනා ඔප්පු කිරීම සඳහා පැමිණිල්ල විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් රජයේ රස පරීක්ෂකවරයා ඇතුළු සාක්කිකරුවන් කැඳවා තිබුණි.

විත්තිය වෙනුවෙන් සමන්ත කුමාර හෙවත් 'වෙලේ සුදා' සාක්කි කූඩුවේ සිට සාක්කි ලබාදුන් අතර එම සාක්කි රජයේ හරස් ප්‍රශ්නවලට භාජනය වුණි. ඉන් අනතුරුව දෙපාර්ශ්වය විසින් ලිඛිත දේශන හා ලිඛිත විරෝධතාවක් අධිකරණය හමුවේ ගොනු කිරීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් කළ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (14) දිනට නියම කරන ලදී.

Share on Google Plus