මහින්ද භූගත මාලිගය ගැන කිව්වේ බොරුද? (Video)


කොටුව ජනාධිපති මන්දිරයේ ඉදිකර ඇත්තේ භූගත මන්දිරයක් නොව බංකරයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අභයාරමයේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති මන්දිරයේ එවැනි භූගත මන්දිරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා...

‘ඒක මන්දිරයක් නෙවෙයි බංකර් එකක්. බංකර් එකක් හදන්න උපදෙස් ලැබුනා. මට විතරක් නෙවෙයි, අපේ ආරක්ෂක රැස්වීම පැවැත්වුවේ. ආරක්ෂක මණ්ඩලයේ රැස්වුණු අවස්ථාවකදී හදිස්සි තත්වයකට මුහුණ දුන්නොත් වහාම බංකරය ඇතුලේ ඉඳන් වුනත් ඒ මෙහෙයුම් ඉටු කරන්න පුළුවන් ආකාරයේ බංකරයක්’යැයි පැවසීය.

යුද්ධය පැවැති සමයේ ආරක්ෂක අංශ වෙත තර්ජනයක් තිබූ බව පැහැදිලිය. යුද්ධය මෙහෙයවනු ලැබූ නායකයින් වෙනුවෙන් ආරක්ෂක උපක්‍රම යෙදීමත් අත්‍යාවශ්‍යය. එහෙත් ජනාධිපති මන්දිරයේ පොලව අභ්‍යන්තරයේ තට්ටු දෙකකින් සමන්විත නිදන කාමර, නාන කාමර ඇතුළු අධි සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත මාලිගයක් ඉදිකරනු ලැබුවේ ආරක්ෂක කමිටු රැස්වීම වෙනුවෙන් දැයි යන්න බරපතල සැකයක් මතුවේ.

මෙම ඉදිකිරීම වෙනුවෙන් කොපමණ මුදලක් වැය වූවාද, ඒ සඳහා මුදල් යොදවනු ලැබුවේ කිනම් ආකාරයකටද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් සඳහන් නොමැති අතර එහි අභ්‍යන්තරයේ ඇති සියලුම උපකරණ ඉතාලියෙන් ආනයනය කරනු ලැබූ ඒවා බව පැවසේ. ආරක්ෂක කවුන්සිලය රැස්වීමට ඉදිකරනු ලැබුවා නම් එහි එවැනි අධි සුඛෝපභෝගී පහසුකම් සහිත විය යුතු ද යන ප්‍රශ්නය පැන නගී.



Share on Google Plus