මහින්ද පිලේ මැරයෝ සමාව අයදී. (Video)


පසුගිය ජනාධිපතිවරණ සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැර කණ්ඩායමක් විසින් අලුත් පරපුරේ කලා කරුවන්ට එල්ල කළ ප්‍රහාරයේ නඩුව ඊයේ (13) කුරූණෑගල දිසා අධිකරණයේදී කැඳවූ අතර එහිදී මැර කණ්ඩායම සිය ප්‍රහාර සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ අලුත් පරපුරෙන් සමා අයැදීම සඳහා එකඟ වී තිබේ.

ඒකාධිපති වියරුව පරාජය කිරීම හා මානව සමාජයේ නිදහස වෙනුවෙන් හඬනැඟීම ඉලක්ක කර ගනිමින් තරුණ කලාකරුවන්ගේ එකමුතුවකින් ඇරඹි ‘‘අලුත් පරපුර ’’ සංවිධානයට කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේදී පසුගිය ජනාධිපතිවරණ සමයේ 2014.12.29 දින මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් විසින් මැර ප්‍රහාරයක් එල්ල කර අතර එජනිස පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික එම ප්‍රහාරය මෙහෙයවමින් කටයුතු කළේය.

සමනලී ෆොන්සේකා,කසුන් කල්හාර,ඉන්ද්‍රචාප ලියනගේ,ජගත් මනුවර්ණ,අමා විජේසේකර, කෞෂල්‍ය කුමාරසිංහ,උදය ධර්මවර්ධන,ලක්ෂ්මන් විජේසේකර ඇතුළු පිරිසකට මෙම ප්‍රහාරය එල්ලවිය.

මෙම ප‍්‍රහාරයෙන් සමනලී ෆොන්සේකා, ඉන්ද්‍රචාප ලියනගේ ඇතුළු තරුණ කලාකරුවන් කිහිප දෙනෙකුද චිත‍්‍රපට අධ්‍යක්‍ෂ උදය ධර්මවර්ධන සහ ප‍්‍රවීණ ගායක ලක්‍ෂමන් විජේසේකර මහතාද තුවාල ලබා තිබිණි.

මන්ත්‍රීවරයා ඇතුළු මැරයන් මෙම සිද්දීය සමතයකට පත් කර ගැනීමට අවශ්‍ය බව අධිකරණයේදී අලුත් පරපුරෙන් ඉල්ලා ඇති අතර එහිදී අලුත් පරපුර පවසා ඇත්තේ තමන්ගේ ව්‍යායාමය පෞද්ගලික අරමුණකින් සිදු කරන්නනක් නොව එම ප්‍රහාරය එල්ල වූයේ මුළු මහත් රටවැසියාගේම ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට බැවින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් කැඳවා මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවයි.

මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ඊට කැමැත්ත පළ කර ඇත.



Share on Google Plus