ගෝඨාගේ පාවෙන වෙළඳපොල මිනිසුන්ට එපා වෙයි. (Video)


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත් වීමෙන් පිටකොටුව බේරේ වැව තුළ ඉදිකරනු ලැබූ පාවෙන වෙළඳ සංකීර්ණය මේ වනවිට එපාවෙන තැනක් බවට පත්වී තිබේ.

පිටකොටුව බැස්ටියන් මාවතේ සිටි වෙළඳුන්ගේ විරෝධය මැද එම වෙළඳසැල් බලහත්කාරයෙන් කඩා ඉවත් කරමින් ‍ඔවුන්ට මෙම පාවෙන වෙළඳ සැල් ලබා දෙනු ලැබීය. එහෙත් මේ වනවිට එම වෙළඳ සැල් බොහෝමයක් ජනතාව නොපැමිණීම නිසා වසා දමා තිබේ.

වෙළඳුන් ප්‍රකාශ කරන්නේ බේරේ වැව තුළ තිබෙන අපිරිසිදු කම හා අවට පවතින දුඟද හේතුවෙන් ජනතාව ඒ වෙතට නොපැමිණෙන බවය. ඊට අමතරව මෙම වෙළඳ සැල් ජනතාව ගැවසෙන පරිසරයකින් ඈත් කර ඉදිකර තිබීමත් මේ තුළට ජනතාව නොපැමිණීමට බලපා තිබේ.

සිය ජීවිකාව ගෙනයාමට නොහැකි තත්වයක් මේ වනවිට උදා වී ඇතැයි පාවෙන වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් පවසයි. ඊට අමතරව මෙම භූමිය සවස් කාලයේදී නීති විරෝධී කටයුතු වෙනුවෙන් යොදා ගන්නා බවටද වෙළඳුන් පවසති.

අති විශාල මුදලක් වැය කරමින් සංදර්ශන පවත්වා ඉදිකරනු ලැබූ මෙම පාවෙන වෙළඳපොල මේ වනවිට පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ තවත් අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.


Share on Google Plus