විනාශකාරී උමාඔය ව්‍යාපෘතිය හොර රහසේම යළිත් ඇරඹේ.


වැලිමඩ, බණ්ඩාරවෙල සහ වැල්ලවාය ප‍්‍රදේශවල මහජන ජීවිතවලට සහ පරිසරයට එල්ල වූ මහා පරිමාණ ව්‍යසනවලට එරෙහිව ඇති වූ විරෝධතා නිසා නතරකර තිබූ උමාඔය ව්‍යාපෘතිය මේ වන විට යළිත් ආරම්භ කර තිබේ.

ඉරාන ණය යටතේ ඉරානයේ ඉදිකිරීම් සමාගමක් විසින් මෙහි මූලික කටයුතු කි‍්‍රයාත්මක කෙරෙමින් තිබිණි.

ඔවුන්ගේ තාක්ෂණික හැකියාව සහ විශේෂයෙන් කිලෝ මීටර් 22ක් දිග උමඟ හැරීමේදී පරිසරයට සිදු කෙරුණු අතිවිශාල හානි නිසා ජල උල්පත් සිඳීයෑම ඇතුළු ඉතා අනතුරුදායී පාරිසරික බලපෑම් රැසක් සිදුවිය.

මෙම තත්වය හමුවේ පසුගිය මහා මැතිවරණය ආසන්න වෙමින් තිබියදී ව්‍යාපෘතියේ කටයුතු නවතා දැමිණි. ව්‍යාපෘතියෙන් පීඩාවට පත්වූවන් පිහිටුවා ගන්න ලද බහුජන සංවිධානවල  මූලික විරෝධයක්ව පැවැතියේ නිසි ව්‍යාපෘති ශක්‍යතා වාර්තාවක් සහ පරිසර ඇගයීම් වාර්තාවක් හෝ මෙයට නොමැති බවයි. එමනිසා ස්වාධීන සහ සුදුසුකම් සහිත විද්වතුන් සහ වෘත්තිකයන් සහභාගී කරවාගෙන නිවැරදි ව්‍යාපෘති ශක්‍යතා වාර්තාවක් සහ පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කරණ ලෙස එම සංවිධානවල ඉල්ලීම් වී තිබිණි.

එවැනි කිසිදු වාර්තාවක් සකස් කිරීමකින් තොරව ව්‍යාපෘතියේ කටයුතු නැවත හොර රහසේම ආරම්භ කර ඇත. පසුගිය මහා මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂය විසින් ප‍්‍රචාරය කර තිබුණේ ඇමෙරිකානු ඉදිකිරීම් සමාගමකට ව්‍යාපෘතියේ කටයුතු පවරා නවීන තාක්ෂණය ම`ගින් එහි කටයුතු කි‍්‍රයාත්මක කරන බවය. එහෙත් මේ වනවිටද ඉරාන සමාගම විසින් මෙය නැවත කි‍්‍රයාත්මක කරමින් සිටී.

Share on Google Plus