ශ්‍රී ලංකාවට රටවල් රැසක සහය.


ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ඉදි්රිපත් වූ යෝජනාවන්ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඊයේ (30) අනුමැතිය හිමි වුණා. ඒ, අදාළ යෝජනා පිළිබද දීර්ඝ විවාදයකින් පසුවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට විනාඩි 3 බැගින්ද නිරීක්‍ෂණ රටවලට විනාඩි 2 බැගින්ද එහිදී අදහස් දැක්වීමට අවස්ථාව හිමි වුණා. 

මෙම විවාදය ආරම්භ වුයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඞ් අල්හුසේන්ගේ කරුණු දැක්වීමකින්. වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතූ ඔහු ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් තමන් මීට පෙර ඉදිරිපත් කළ වාර්තාව පිළිබද පැහැදිලි කිරීමක් කළා. 

ශ‍්‍රි ලංකාවේ පසුගිය ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ විමර්ශන කෙරෙහි ප‍්‍රතිරෝධයක් දැක්වුවත් නව ආණ්ඩුව ඒ සදහා සහයොගයෙන් කටයුතු කළ බවයි එහිදී ප‍්‍රකාශ කෙරුණේ. ශී‍්‍ර ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් හයිබි‍්‍රඞ් අධිකරණයක් පිහිටුවීමට තමන් නැවත යෝජනා කරන බවද සෙයිඞ් අල් හුසේන් කුමරු පැවසුවා. 

අනතුරුව අදහස් දැක්වූයේ එක්සත් ජාතීන්ගේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතායි. අමෙරිකාව ප‍්‍රමුඛ රටවල් කිහිපයක් ඉදිරිපත් කළ යෝජනාවට ශී‍්‍ර ලංකාවද සහාය ලබාදෙන බවත් අන්තර් ජාතික ප‍්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ශී‍්‍ර ලංකාව දැන් සූදානම් බවත් ඔහු කියාසිටියා.

මෙම විවාදයේදී අදහස් දැක්වූ රටවල් රැසකම නියෝජිතයන් ශී‍්‍ර ලංකාවේ නව ගමන්මග සම්බන්ධයෙන් සිය ප‍්‍රසාදය පළ කළා. 

අභියෝග ජය ගැනීම සදහා ශී‍්‍ර ලංකාවට සහාය පළ කරන බව රුසියාවද කියා සිටියා. ශී‍්‍ර ලංකාවේ නව ගමන් මග ප‍්‍රශංසනීය බව බි‍්‍රතාන්‍ය නියෝජිතයාද කියාසිටියා. ප‍්‍රතිසංධාන සහ සංහිදියා වැඩපිලිවලේදී ශී‍්‍ර ලංකාවට සහාය ලබාදෙන බව යුරෝපා සංගමයද මෙහිදී ප‍්‍රකාශ කළා.  ඉන්දියාවද තීරණය කර ඇත්තේ      ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ඉදිරිපත් කර ඇති යෝජනාවට සහාය දැක්වීමටයි.


Share on Google Plus