ඇවන්ගාඩ් ලොක්කෙක් අද ජනාධිපති කොමිෂන් සභාවට



නිශ්ෂංක සේනාධිපති සහ ගෝඨාභය රාජපක්ෂ එක්ව නීතිවිරෝධී ලෙස පත්වාගෙන ගිය ඇවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් සිදුකරණ පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා තමන්ව අද (16) බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවට කැඳවා ඇතැයි ඇවන්ගාඩ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන කපිතාන් උදය දිසානායක මහතා පවසයි.

අද සවස දෙකේ සිට පහ දක්වා එම ප්‍රකාශට ලබා දීමට නියම වී තිබේ.

උදය දිසානායක මහතා මෙම අවි ජාවාරම සම්බන්ධයෙන් මෙයට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණ. එම පරීක්ෂණ පැවැත්වෙන අතර තුරු ජනාධිපති කොමිසම හමුවේද ඔහුගේ සාක්ෂි ලබා දෙන ලෙස දන්වා ඇත.

උදය දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිනිල්ල යොමු කමින් සඳහන් කර ඇත්තේ යුක්රේනය, නයිජීරියාව, සුඩානය ඇතුළු රටවලට හා අල්කයිඩා වැනි ලෝකයේ දරුණු ත්‍රස්තවාදී කණ්ඩායම්වලටත් මාෆියා කල්ලිවලටත් මේ සමාගම විසින් ආයුධ විකුණා ඇති බවය.

සමාගම විසින් තවත් බොහෝ අවස්ථාවල වෙනත් රටවලට ආයුධ යැවීම සඳහා සංචාරක වීසා හා ව්‍යාපාරික වීසා ලබාදී ඇති අතර එය මෙවැනි

ආරක්ෂක සේවාවකදී එය නීත්‍යනුකූල නොවන බවද උදය දිසානායක මහතා පෙන්වා දෙයි.



Share on Google Plus