කොළඹ රථවාහන සැලැස්මේ පෙරහුරුවක් අද සහ හෙට.


කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා සකස් කර ඇති නව සැලැස්මට අනුව රථ වාහන ධාවනය කිරීමේ පෙරහුරුවක් අද (10) සහ හෙට (11) කි‍්‍රයාත්මක වනවා.

එම සැලැස්ම කි‍්‍රයාත්මක වන්නේ රාජගිරිය සහ මහරගම ප‍්‍රදේශවලයි. අද දින උදෑසන 10.30 සිට 11.30 දක්වා එම පෙරහුුරුව කි‍්‍රයාත්මකයි.

රථවාහන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා ඒ පිළිබඳ කරුණු දැක්වූවා. 

"අපි මේ ක්‍රියාවලිය කරන්න පටන්ගන්නේ සාමන්‍යයෙන් සතියේ දවස්වල උදේ 8.30 සිට 8.45 දක්වාත් අපි පෙරහුරුවක් හැටියට අද දින උදේ 10.30 සිට 11.30 දක්වා පෙරහුරුවක් පවත්වනවා.

ඒ එක්කම ඉරිදා දින 7.30 ඉදලා 8.45 දක්වා පෙරහුරුවක් පවත්වනවා. සාමාන්‍ය මගී බස්රථ නවත්වන්න ස්ථාන සැලසෙන්නේ කොළඹ දිශාවට යන ඒවා බත්තරමුල්ල දිශාවේ ඉඳලා වැලිකඩ පොලිස් ස්ථානය පහුකරනකොටම කෝට්ටේ නගරසභාව පිටිපස්සට එන ජයවර්ධන පාරේ මංතීරුවත්, ඒ එක්කම මැක්ඩොනල් පහුකරපු ගමන්ම තිබෙන ප්‍රදේශයේ එක් මංතීරුවකුත් අවස්ථාව ලැබෙනවා.

ඒ එක්කම ගෙග්‍රරි පාරේ ස්ථාන දෙකක බස් නැවතුම් දෙකක් අපි තාවකාලිකව ඉදිකෙරෙනවා මෙතනදී අපි විශ්වාශ කරනවා මෙතෙක් පැය බාගයක් ගිය ගමන විනාඩි 10ක් 15ක් ඇතුලතදී නෙළුම් පොකුණ දක්වා ගමනා ගමනය සිදු කරන්න".

බත්තරමුල්ල ප‍්‍රදේශයේ රථවාහන සැලැස්ම කි‍්‍රයාත්මක වන ආකාරය පිළිබඳවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කරුණු දැක්වූවා. 

"බත්තරමුල්ල සිට පැමිණෙන සියලුම වාහන වැලිකඩ පොලිසිය ඉස්සරහින් මංතීරු හයෙන්ම අපි ගන්නවා. එතනදී නාවල පාරේන් එන බස්රථ සියල්ල වමට හරවලා ජයවර්ධන පුර මාර්ගයේ ගමන් කරන්න ඕනේ. 

බස්රථ නවත්වන්න ස්ථානයක් සලසනවා වැලිකඩ පොලිස් ස්ථානයේ සිට ජනාධිපති විද්‍යාලය දක්වා. ඒ සියලුම බස් රථ ගමන් කළ යුතු වෙන්නේ ජයවර්ධනපුර මාර්ගය දිගේ ගිහින් ආයුර්වේධ හංදියෙන් අවශ්‍ය මාර්ගයට පිවිසෙන්න ඕනේ.

නාවල පැත්තෙන් එන වාහනයක් බත්තරමුල්ල දෙසට යෑමට නම් ඒ වාහනය ගමන් කරන්න ඕනේ නාවල පාරෙන් ජයවර්ධනපුර පාරට හරවලා මැතිවරණ කොමසාරිස් කාර්යාලය අසල මාර්ගයෙන් ගිහින් කොටාපාරෙන් හරවලා අවශය වෙනවා යන්න ජයවර්ධනපුර පැත්තට".

මහරගම නගරය ආශ‍්‍රිතව නව රථවාහන සැලැස්ම හෙට දිනයේ පෙරහුරුවක් ලෙස කි‍්‍රයාත්මකයි. ඒ සම්බන්ධයෙන් ද නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා කරුණු පැහැදිලි කළා. 


"අපි මෙතනදි කරන්නේ එක මංතීරුවක් හයිලෙවල් පාරෙන් විවෘත කෙරෙනවා කෙලින්ම අවිස්සාවෙල්ල දිශාවට යන්න. ඒ මංතීරුවෙන් ඇවිල්ල යන්න පුළුවන් දෙහිවලට යන වාහන වලට.

අවිස්සාවෙල්ල පැත්තේ ඉඳලා ගමනාන්තය අවසන් කරන මහරගම නැවතුම්පළේ බස්වලට අපි දැනට බස්නැවතුම්පළට යන්න දෙන්නේ නැහැ. ඒ බස් සියල්ලම ආර්පිකෝ එක ඉස්සරහට එන්න ඕනේ. 

ගමනාගමනය ආරම්භ කරන වෙලාවට මේ පාර දිගේ ගිහිල්ල බස් නැවතුම්පළට ඇතුල් කරලා මගීන් අරගෙන අවිස්සාවෙල්ල පරණ පාර දිගේ ගමන් කරන්න අවස්ථාව තියෙනවා.

ඒ එක්කම දෙහිවල පැත්තේ ඉඳලා පමුණුව දෙසට හෝ අවිස්සාවෙල්ල දෙසට යන වාහන වලට එතනින් වමට හරවලා හයිලෙවල් පාර දිගේ ඇවිල්ල ඒ බස්නැවතුම්පළ හරහා පරණ පාරට ඇතුළු වෙන්න අපි අවස්ථාව සලසලා දෙනවා.

අපි බලාපොරොත්තු වෙනවා මේකෙන් දැනට විනාඩි 40ක් විතර ගතවෙනවා සවස්වරුවේ ආර්පිකෝ එක සිට මහරගම නගරය පසුකරන්න. මේක විනාඩි 15කින් ගමන් කරන්න අවස්ථාව සලසාගන්නට හැකිවෙයි කියන විස්වාශයක් අපි ලඟ තියෙනවා".


Share on Google Plus