රෝසිගේ සහ සන්නාගේ මනාප උස්සලා.


පසුගිය මහ මැතිවරණයේ දී කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග වැදුණු එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවේ අපේක්ෂකයන්ගේ  මනාප කොල්ල කෑමක් සිදුව ඇති බවට සාක්ෂි හමුවී තිබේ.

එජාප අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මියගේ සහ අපේක්ෂක උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ මනාප මෙලෙස අඩු කර මනෝ ගනේෂන් මහතාගේ හා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ මනාප සංඛ්‍යාව ඉහළ දැමීම සිදුව තිබෙන බව රෝසි සේනානායක මහත්මිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව තිබේ.

 ඒ අනුව පැහැදිලිවම ඡන්ද ගණන් කිරීමේ කාමරවලින් ලැබුණු ප‍්‍රතිඵල ලේඛන හා මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව නිකුත් කළ අවසන් ප‍්‍රතිඵල වාර්තාවේ ඉහත කී අපේක්ෂකයන් 4 දෙනාගේ ප‍්‍රතිඵල පරස්පරය.

මේ වන විට මෙම මනාප අක‍්‍රමිකතාව හේතුවෙන් තමාගේත් ඇය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ ඡුන්දදායකයන්ගේත් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් යළි මනාප ගණන් කරන ලෙසත් ඉල්ලමින් රෝසි සේනානායක මහත්මිය පසුගිය 30 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් භාර දුන් අතර එය පසුගිය 08 වන දින සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය නැවත නොවැම්බර් 30 වන දින කැඳවන බව ද ප‍්‍රකාශ කළේය.

තමාගේ මනාප සොරකම් කර ඇති බව මනාප ප‍්‍රතිඵල නිකුත් වූ ආසන්න දිනක දී ම රෝසි සේනානායක මහත්මිය චෝදනා කළ අතර ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද පැවැසීය.

එහෙත් ඒ සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විරුද්ධත්වය පළ කර තිබිණි.

-SathHada

Share on Google Plus