සහල් අතිරික්තයක්.


මෙරට සහල් නිෂ්පාදනයේ විශාල අතිරික්තයක් ඇති බවත්, එය මිලදීගෙන අවසන් කිරීමට නොහැකි බැවින් හොඳ බියර් නිෂ්පාදනයක් සකසා අපනයනය කරන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් උතුරු මැද පළාත් ප්‍රධාන ඇමති පේෂල ජයරත්න මහතා පැවසීය.

2016-2018 අහාර සුරක්ෂිතතා ජාතික වැඩසටහනට සමගාමීව පැවැති පොළොන්නරුව දිස්ත්‍රික් උත්සවයට ඊයේ (05දා) එක්වෙමින් මහ ඇමතිවරයා මේ බව කීය. 

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“අවශ්‍යතාවට වඩා වාර්ෂිකව ගත්තම සාමාන්‍යයෙන් වී මෙට්‍රික් ටොන් ලක්ෂ හතකට වැඩියි. එතකොට මේ වැඩි ගාණට මොකද කරන්නේ. මේ ටික රජයට මිලදී ගන්න කියලා ගොවි මහතුන් කියනවා.

වී මිල වැඩි කරන්න කියලත් කියනවා. ආණ්ඩුවත් වී මිලදී ගන්නවා, සහතික මිලකුත් දෙනවා. හැබැයි අරගෙන මොකද කරන්නේ. මොකද තියෙන ප්‍රමාණය අපට වැඩියි. එහෙනම් අපි ඒ වැඩි ටිකෙන් අතුරු නිෂ්පාදනවලට යන්න ඕන.

අපට පුළුවන් විවිධ ආහාර වර්ග විදේශ රටවලට යවලා ආදායම් ලබන්න. ඒ වගේම බියර් එකක් නිෂ්පාදනය කරලා විදේශීය රටකට යවන්න පුළුවන්. ඒ වගේ වෙනත් නිෂ්පාදනවලට යොමුවුණේ නැත්නම් ආණ්ඩුවට අපේ වී නිෂ්පාදන අරගෙන ඉවර කරන්න බැරි වෙනවා. ඒක එක කාරණයක්"  යැයි  සඳහන් කළේය. 


Share on Google Plus