අර්ජුනට, තිලංගට මලික්ගෙන් ක්‍රිකට් පොල්ලක්.


සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යාන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින්නේ යැය කියන කැබිනට් පත‍්‍රිකාවක් නිසා නියෝජ්‍ය කථා නායක තිලංග සුමතිපාල මහතාගේත් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේත් බලපොරොත්තු බිඳවැටෙමින් පවතින බව වාර්තා වේ.

මලික් සමරවික‍්‍රම මහතා ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින්නේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධුරය ඇතුළු ඉහළ නිලතල සඳහා දේශපාලකයන්ට ඉදිරිපත් වීම තහනම් කෙරෙන වගන්තියක් ඇතුළත් කැබිනට් පත‍්‍රිකාවක් වන අතර තිලංග සුමතිපාල මහතා සහ අර්ජුන රණතුංග මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් වීමට සූදානමින් සිටි බව ඔවුන්ට සමීප ආරංචිමාර්ග අනාවරණය කරයි. මෙම කැබිනට් පත්‍රිකාව අනුමතවුවහොත් ඔවුන්ගේ බලාපොරොත්තු සුන්ව යනු ඇත.

මෙලෙස ක‍්‍රිකට් තහංචියක් ගෙන එන්නේ එජාපය හා ශ‍්‍රීලනිපය අතර ඇති සීතල යුද්ධයේ තවත් පියවරක් ලෙස බවද ක‍්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග පවසයි.

Share on Google Plus