පොළොන්නරුවේ වැලි සිරිසේනලාට පමණයි?


මහවැලි ගඟේ මනම්පිටිය ප්‍රදේශයෙන් ගොඩ දමනු ලබන වැලි ඒකාධිකාරය සිරිසේන සහෝදරයින් වෙත පමණක් ලබා ගැනීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ.

භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයෙන් ලබා ගන්නා ලද විශේෂ අවසර පත්‍රයක් මගින් මෙලෙස වැලි ඒකාධිකාරය සිරිසේන සහෝදරයින් වෙත ලබා දී තිබේ. එම ප්‍රදේශයෙන් දිනකට පැටවීම සඳහා වැලි ටිපර් 50කට අවසර ඇති බවත් එය ඩඩ්ලි සිරිසේන හා චමින්ද සිරිසේන යන ජනාධිපතිවරයාගේ දෙසොහොයුරන් විසින් සිදු කරන බව අනාවරණය වේ.

ජනාධිපතිවරයා පසුගිය දිනෙක රුක් රෝපණය කිරීමේ අවස්ථාවකට එක් වෙමින් ප්‍රකාශ කර සිටියේ නීති විරෝධීව පරිසරයට හානි කරමින් වැලි ගොඩ දැමීම, පස් කැපීම හා කැලෑ විනාශයේ යෙදෙන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය මගින් කටයුතු කරන බවය. එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ රටේ වනාත්තර සීඝ්‍රයෙන් විනාශ වී යෑමත් පරිසර විනාශය බරපතල ලෙස සිදුවීමත් නිසා තමන් යටතට පරිසර අමාත්‍යංශය ගනු ලැබූ බවය.

Share on Google Plus