SF ලොකුමල්ලියි තිස්ස කරලියද්දයි කතාකළේ මොනවාද?


අනුරාධපුරයේ සමාජ ශාලා හිමිකරුවකු වන වසන්ත සොයිසා මහතා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට පොලිසිය මග හැර හරිමින් සිටින එස්.එෆ් ලොකූමල්ලී හෙවත් ආර්.ඒ. ඉරෝන් රණසිංහ නැමැත්තා එම ඝාතනයට දින කිහිපයකට පෙර හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද මහතා සමග පුද්ගලික සාකච්ඡාවක නිරත වී තිබේ.

ඒ බව සඳහන් කරමින් SF ලොකුමල්ලියි නැමැත්තා සිය ෆේස්බුක් ගිණුමෙහි ජායාරූපයක්ද සමගින් පල කර ඇත්තේ "LOKU MALLI s best frind .. amathi .. Thissa Karalliyadda .... privat discution......... at his home .... last night" යනුවෙනි.

මෙම ඡායාරූපය ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි පල කර ඇත්තේ ඔක්තොම්බර් 22වනදා ය.

Share on Google Plus