පස්වෙනි අසුනේ හොරා SB.


කොළඹ විශ්වවිද්‍යාලයට කාන්තා නේවාසිකාගාරයක් සඳහා පරිත්‍යාග කරන ලද නිවසක තිබූ ගෘහ භාණ්ඩ ඇතුලු වටිනා දේපොළ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුනක වාඩිවී සිටින ඇමතිවරයෙකු විසින් පැහැරගෙන ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ වාර්තාව තමන් සතුව පවතින බවත් අදාල ඇමතිවරයාගේ නම තමන් දන්නා බවත් අනුර දිසානායක මහතා පවසා සිටියේය. එම ඇමතිවරයා අසුන් ගන්නේ සභානායකවරයගේ අසුනේ සිට පස්වෙනි අසුනේ බවද පැවසූ අනුර දිසානායක මහතා කියා සිටියේ පුළුවන්නම් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසන්නේ එම අසුන හිමිවන්නේ අමාත්‍ය එස්.බී. දිසනායක මහතාට බවයි. 

වෛද්‍ය ශිවා චින්නතම්බි මෙනවිය විසින් සිය අන්තිම කැමති පත්‍රය මගින් ඇගේ නිවස කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක් සඳහා පරිත්‍යාග කර ඇත.

Share on Google Plus