මෙන්ඩිස් වික්‍රමසිංහගේ 'Repertoire' ඇරඹේ.


තත්පරයට පින්තූර විසි තිහක් සටහන් වන, අතිශය වේගවත් කැමරාවක් කොහෙන් හෝ සොයා ගත හැකි ය...

ඈත අනන්තයේ ඇහැට නොපෙනෙන දුරක සිටින වස්තුවක් දෝත පාමුලට ගෙන බලන්නට හැකි තරම් දුර රූප කාචයක් සොයා ගන්නට ද හැකි ය.

ඇහැට නොපෙනෙන ඉතා ම කුඩා සතෙක් මහාමේරු පර්වතය තරමට විසල් කොට බැලිය හැකි උපකරණයක් ද සොයා ගත හැකි ය.

මේ සියල්ල ගෙන, කරපින්නාගෙන වනයකට වැදී, සතෙකු දෙස මානා, ෂටර් රිලීස් බොත්තම එබූ සැණින්, සතෙකුගේ රූපයක් මිස "වනජීවී ඡායාරූපයක්" සටහන් වන්නේ නැත.

කොහෙන් හෝ පත පොතකින් වන සතුන් ගැන විස්තර සොයා ඉගෙන ගත හැකි ය.

උන්ගේ ජීවිත කතාවල රස මුසු තැන් වුව දැන උගත හැකිය.
අන්තර්ජංජාලය පීරා හෝ, මැනුවල් කියවා හෝ, දන්නා කෙනෙකුගෙන් අසා හෝ කැමරාවේ සෙටිං ගැන ඔස්තාද්වරයකු විය හැකිය.
ඡායාරූප ශිල්පයේ මුදුන් මුල වන් රීති ද, සම්මතයන් ද දැන ඉගෙන ගත හැකි ය..

නමුත්...............

වනජීවී ඡායාරූප ශිල්පියකු වන්නටනම්,

වන සතුන් අතර "මනුස්සයකු" සේ සිට ගත හැකි විය යුතු ය..

මා වනජීවී ඡායාරූපකරණයේ නොයෙදෙන්නේත්,

මා හිතවත් මෙන්ඩිස් වික්‍රමසිංහ වනජීවී ඡායාරූපකරණයේ ප්‍රාමාණිකයකු බව කියන්නේත් අන්න ඒ නිසා ය..!!


සටහන - ඉන්ද්‍රනාථ තේනුවර


Share on Google Plus