මහින්ද - රාජිත රහස් සාකච්ඡාවක.


සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය 10දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැය 02කට අධික කාලයක් රහසිගත සාකච්ඡාවක නිරත වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

2015.10.10 දින තෙලිජ්ජවිල අංක 49 හි පිහිටි “රණගිරි ස්ටේට්” නමැති ස්ථානයේදී මෙම හමුව සහ සාකච්ඡාව පැවැත්වී ඇත.

මෙම සාකච්ඡාවට පෙර ධර්ම දේශනාවක් සහ දානමය පිංකමක් පැවැත්වී ඇති අතර දානය පැවති දිනයේ එනම් 10වනදා දවල් 12.45ට පමණ මහින්ද රාජපක්ෂ මහතා මෙම ස්ථානයට පැමිණ ඇත.

ඉන් විනාඩි 30කට පමණ පසුව රාජිත සේනාරත්න අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණ ඇති අතර දිවා ආහාරයෙන් අනතුරුව එම නිවසේ කාමරයකදී දෙදෙනා පැය 02කට අධික කාලයක් රහසිගත සාකච්ඡාවක යෙදී ඇත.

මෙම සාකච්ඡාවේදී කුමන කරුණු සාකච්ඡා වුයේ දැයි වාර්තා නොවන අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ දැනුවත්ව මෙම හමුව සිදු වුවේද එසේ නැතිනම් සාකච්ඡාවෙන් පසුව එම කරුණු පිළිබඳ ජනාධිපතිවරයා හා අගමැතිවරයා දැනුවත් කලේද යන්න පිළිබඳවද වාර්තා නොවේ.

රාජපක්ෂ පවුලට සම්බන්ධ අය විසින් සිදු කළ විවිධ අපරාධ හා මුල්‍ය අපරාධ පිළිබඳ සිදු කෙරෙන පරීක්ෂණවලින් ගැලවීම සඳහා පිදුරු ගහක හෝ එල්ලීමට බලා සිටින මහින්ද රාජපක්ෂ මහතා රාජිත සේනාරත්න සමඟ කිසියම් “ඩීල්” එකකට සුදානම් වේද යන්න පිළිබඳ සැක පහළ වේ.

Share on Google Plus