පිල්ලේයාන් අත්අඩංගුවට.


නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (11) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයතු කර තිබේ.

අද පස්වරු 5.20ට පමණ පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර ඒ  දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව එම ඝාතනය සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Powered by Blogger.