ධම්මික පෙරේරාට ‘Online සූදුව' සඳහා අවසර.


කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරාට ‘Online Gambling' (අන්තර්ජාල සූදුව) සඳහා අවසර ලැබී ඇතැයි වාර්තා වේ. මෙම ‘Online Gambling' සඳහා අවසර ලබා දී ඇත්තේ ආයෝජන මණ්ඩලය (BOI) විසිනි. ධම්මික පෙරේරා සතු මෘදුකාංග සංවර්ධනය කිරීමේ සමාගමකට (Software Developing company) මෙම අවසරය ලබා දී ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කෙලින්ම ධම්මිකගේ කැසිනෝ ව්‍යාපාරයට මෙම බලපත්‍රය ලබා නොදී එය සඟවමින් මෘදුකාංග සංවර්ධන සමාගමකට එය ලබාදීම පැහැදිලි ලෙසම රාජ්‍ය පාලනාධිකාරීන් නොමග යැවීමකි.

දැනට ධම්මික පෙරේරා සතු බම්බලපිටිය MGM කැසිනෝ ශාලාවේ උඩුමහල මෙම ‘Online Gambling' සඳහා වෙන්කොට තිබේ. මෙම පහසුකම අනෙක් කැසිනෝ ව්‍යාපාරිකයන් ද ළඟදීම අයදුම් කිරීමට සූදානම් බව ඉහත කී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

මෙම අවසර ලබාදීම සිදුවී ඇත්තේ ධම්මික පෙරේරා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරය දැරූ අවධියේ වීම විශේෂත්වයකි.


Share on Google Plus