මත්තල වී ඉවතට? - යහපාලන ආණ්ඩුවේ අවුල් එලියට.


මත්තල ගුවන්තොටුපළ සුදු අලියෙක්‌ නොවන බවත් ජාතික අවශ්‍යතාව මත ඉකුත් රජය ඉදිකළ බවත් මත්තල ගුවන්තොටුපළෙහි මෙහෙයුම් කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (18) එහි සංචාරයක නිරත වූ අවස්ථාවේ ප්‍රකාශ කර තිබේ.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වී ගබඩා කිරීම හේතුවෙන් බෝවී ඇති කෘමි සතුන්ගෙන් හා පරවියන් ඇතුළු කුරුල්ලන්ගෙන් ගුවන්තොටුපළේ අධිතාක්‍ෂණික උපකරණවලින් යුක්‌තව ඉදිකර ඇති මෙම ගබඩාවට සිදුවී ඇති විශාල හානිය පිළිබඳ ගණනය කර වහාම එය වී අලෙවි මණ්‌ඩලයෙන් අයකර ගැනීමට කටයුතු කරන ලෙසද ඇමැතිවරයා නිලධාරීන්ට නියෝග කර ඇත.

ගබඩා කර ඇති වී තොග වහාම ඉවත් කළ යුතු බවත් වී තොග ඉවත් කර ගැනීමට සාධාරණ කාලයක්‌ වී අලෙවි මණ්‌ඩලයට ලබාදෙන ලෙසත් ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත.

එමෙන්ම වී ගබඩා කර තිබූ කාලය සඳහා ගාස්‌තුවක්‌ අයකර ගැනීමට කටයුතු කරන ලෙස ද උපදෙස්‌ දී තිබේ.

ගබඩාවට සිදුවී ඇති හානිය පිළිබඳ ඇමැති මණ්‌ඩලය දැනුවත් කරන බවටත් මේ පිළිබඳව කැබිනට්‌ පත්‍රිකාවක්‌ සකස්‌ කිරීමට කටයුතු කරන බවටත් ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

ගුවන්තොටුපළ වෙත ගුවන් යානා ගෙන්වා ගැනීමට ප්‍රවර්ධන වැඩසටහන් සකස්‌ කරන ලෙස ඇමැතිවරයා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට එහිදී උපදෙස්‌ දී තිබේ.

Share on Google Plus