ජනපති මෛත්‍රී පැදවූ විදුලි මෝටර් රථයේ විස්තර මෙන්න.


2015 වසර මැද වන විට 620,000කට අධික සැහැල්ලු කාර්ය විදුලි රථ සංඛ්‍යාවක් ලොව පුරා විකිණී ඇති බව සංඛ්‍යාලේඛන අනුව පැහැදිලි වේ. ඒ අතර ප්‍රථම ස්ථානය දිනා සිටින්නේ ජපානයේ නිසාන් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද නිසාන් ලීෆ් මෝටර් රථයයි.

2010 වර්ෂයේ වෙළෙඳ පොළට පැමිණි නිසාන් ලීෆ් මෝටර් රථ 200,000ක් 2015 සැප්තැම්බර් මස වන විට ලොව පුරා රටවල් 46ක විකිණී තිබුණු අතර දෙවැනි ස්ථානය 2012 වසරේ සිට වෙළෙඳ පොළට පැමිණි ටෙස්ලා මෝටර් රථයට හිමිව තිබේ.

ටෙස්ලා එස් මෝටර් රථ 85,000ක් මේ වන විට විකිණී ඇත. එසේ වුවත් ලොව ප්‍රථම ප්‍රායෝගික විදුලි මෝටර් රථය නිපදවීමේ ගෞරවය අමෙරිකානු සමාගමක් වන ටෙස්ලා වෙත හිමිව තිබේ.

ටෙස්ලා සමාගම විදුලියෙන් ධාවනය මෝටර් රථයක් පිළිබඳ පර්යේෂණ කටයුතු 2004 වසරේ දී ආරම්භ කළ අතර 2008 වසරේ දී එහි ප්‍රථම මෝටර් රිය වෙළෙඳ පොළට නිකුත් කෙරිණි. ටෙස්ලා එස් මෝටර් රථය 85kWh බැටරියකින් බල ගැන්වෙන අතර මෝටර් රථය එක් වරක් බැටරි ආරෝපණයෙන් කිලෝමීටර් 426 ක් දක්වා දුරක් ගමන් කළ හැකිය.

මෙම මෝටර් රථය ආරක්ෂාව අතින් NHTSA මෝටර් රථ ආරක්ෂණය පිලිබඳ නිර්නායකයෙන් තරු පහම ලබාගැනීමට සමත්වී තිබේ. 2013 වසරේ ලෝකයේ හරිත කාරය ලෙසද මෙම මෝටර් රථය සම්මානයට පාත්‍ර වුනි.

12096541_10153599848231327_1660625864986126362_n 12106811_10153599848246327_1753834749158007894_nTesla-Model-S-ATD-reliability

Share on Google Plus