අගමැති හිටපු ජනපතිට තුති පුදයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රශංසාව පුදකළා. ඒ ඔහුගේ පාලන සමයේ ජාත්‍යන්තර විනිසුරුවරයෙකු මෙරටට ගෙන්වීම පිළිබඳවයි.
ජත්‍යන්තර විනිසුරුවරුන් මෙරටට ගෙන්වනවාට එරෙහිව හඬ නගන මන්ත්‍රීවරුන්ගෙන් අග්‍රාමාත්‍යවරයා විමසා සිටියේ, මහින්ද රාජපක්ෂ මහතාට මෙසේ ප්‍රශංසා කරනවාටද එම මන්ත්‍රීවරුන් විරෝධය පලකරනවාද යන්නයි. ඒ ජාත්‍යන්තර විනිසුරන් මෙරටට ගෙන්වීමට ජාත්‍යන්තරය හමුවේ පොරොන්දු වූයේත්, පළමුවරට එවැනි අවස්ථාවක් ලබාදුන්නේත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී බැවින් බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.