මහින්ද ඕනෑ! - පරණ තැටිය සන්ධානයකින් ආපහු එයි.


එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී නව පෙරමුණකින් තරග කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්‍ෂ 8 ක් සූදානම් වනවා.

ඒ සදහා කෙරෙන සාකච්ඡා මේ වනවිට අවසන් අදියරේ තිබෙන බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ, දේශවිමුක්ති ජනතා පක්‍ෂය, සමසමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය , ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ ඊට එක් වී සිටිනවා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ද  මෙම නව පෙරමුණට එක්කර ගැනීමටයි සාකච්ඡා සිදු කෙරෙමින් තිබෙන්නේ. 

කෙසේවෙතත් තමන් හෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ කිසිවෙකු ශී‍්‍ර ලංකා නිිදහස් පක්‍ෂය හැර නොයන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා මහතා පවසනවා.

තමන් මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් සෑම විටම පෙනී සිටින නමුත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පවා නොදෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නැවත මැතිවරණයකින් ජය ගැනීමට නම් මහින්ද රාජපක්‍ෂ මහතා නියත වශයෙන් ඊට එක්විය යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.


Share on Google Plus