මහින්ද, කෙහෙළිය, ඩලස්, සුසිල් අද ගස් - අත් අඩංගුවට ගැනීම වැලක්වීමට කුමන්ත්‍රණයක්.


ස්වාධින රූපවාහිනී සේවාවේ සිදු වී තිබෙන අක්‍රමිකතා පිළිබඳව මූලික සාක්ෂි විභාගය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ඇමතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, සුසිල් ප්‍රේමජයන්ත මහත්වරුන් ඇතුළුව හත් දෙනෙකුට ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද (15) පෙනී සිටින ලෙසට එම කොමිසම දැනුම් දී ඇත.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් චරිත හේරත්, ස්වාධින රූපවාහිනී සේවාවේ හිටපු සභාපති අනුර සිරිවර්ධන යන මහත්වරුන්ටද අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ජනාධිපතිවරණ සමයේදී ස්වාධීන රූපවාහිනී සේවාව ඔස්සේ විකාශය කරන ලද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක දැන්වීම් සඳහා අය විය යුතු රුපියල් මිලියන 115ක පමණ මුදල අය කර නොගැනීම සහ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වුණ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රචාරක දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා රුපියල් මිලියන අසූවක පමණ මුදලක් අය කරගෙන දැන්වීම් ප්‍රචාරය සිදු නොකර ඒ මහතාට එම මුදල් නැවත ලබාදීම ඇතුළු අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීහු විමර්ශන සිදු කළේය. ඉදිරිපත් වූ මහජන පැමිණිල්ලකට අනුව ජනාධිපති විමර්ශන කොමිසම විමර්ශන සිදු කරන ලදී.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගනු ඇති බවට ලැබී ඇති තොරතුරු නිසා හෙට දිනයේදී මහින්ද වාදීන් ලක්ෂ ගනනක් කොළඹට කැඳවා විශාල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීම සඳහා වැඩ පිලිවෙලක් මීට දින කිහිපයක සිට ක්‍රියාවට නගා ඇතැයි වාර්තාවේ. 

විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා ශ්‍රී ලනිපයේ මහින්දවාදී කොටස් මේ සංවිධානය කරමින් සිටින බවත් දැන ගැනීමට ඇති අතර රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීම වැලැක්වීම සඳහා ජනතාව අතරින් ආණ්ඩුවට පීඩනයක් එල්ල කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.


Share on Google Plus