රාජගිරිය - මහරගම ධාවනය වෙනස් වෙයි


රාජගිරිය සහ මහරගම යන ප‍්‍රදේශවල ඉකුත් දින කිහිපයකදී අත්හදා බැලුනු නව ධාවන සැලැස්ම අද (12) සිට ස්ථිර ලෙස කි‍්‍රයාවට නැංවෙනවා. 

රාජගිරිය ප‍්‍රදේශයේදී වැලිකඩ පොලීසිය ඉදිරිපිට සිට ධාවන මංතීරු 6 ම කොළඹ දෙසට ධාවනය වන වාහන සදහා විවෘත වනු ඇති.

ආයුර්වේද වටරවුමේ සිට වැලිකඩ දක්වා ධාවනය වන සියලු වාහන රාජගිරිය නගරය ඔස්සේ පාර්ලිමේන්තුව දෙසට ගමන් කළ යුතුයි.

වැලිකඩ හන්දියේ සිට නාවල මාර්ගයෙන් පැමිණෙන වාහනවලට මැතිවරණ මහලේකම් කාර්යාලය ඉදිරිපිටින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

මෙම නව ධාවන සැලැස්ම හේතුවෙන් අදාළ ප‍්‍රදේශයේදී බස් රථ නැවතුම් ස්ථානද වෙනස් වන බවයි පොලීසිය පවසන්නේ.

1444370922_t
Share on Google Plus