මහින්දව බිලි දේ.


රාජපක්ෂ පාලන සමයේ සිදු වූ දූෂිත ගනුදෙනු පිළිබඳව හෙළිදරව් කිරීමට මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සමීපතමයකු වන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම සූදානම් වන බව අනාවරණය වේ.

ප්‍රියත් බන්දු වික්‍රම වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමගේ ඔහුගේ මූලිකත්වයෙන් සිදු කළ මහා පරිමාණ ගනුදෙනු මෙන්ම වරාය අධිකාරිය තුළ සිදු වූ දූෂිත ගනුදෙනු පිළිබඳවත්  ''රාජපක්ෂ සහෘද සංසදය'' නමින් පිහිටුවාගෙන තිබූ සංවිධානය හරහා සිදුකළ දූෂිත ගනුදෙනු පිළිබඳවත් ඔහු හෙළිදරව් කිරීමට සූදානම් බව පැවසේ.‍

රාජපක්ෂ පාලන සමයේ සිදු වූ වංචා දූෂණවලට වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයාද සම්බන්ධ අතර රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ප්‍රබලයින්ට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ විසින් කරුණු සහිතව අල්ලස් කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කළේය. හිටපු වරයා සභාපතිවරයාගේ නමද එම කණ්ඩායමට ඇතුළත් විය.

රාජපක්ෂ සහෘද සංසදයේ ක්‍රියාකාරකම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගේ සමීපතමයකු වන විලී ගමගේ නැමති පුද්ගලයකු බවත් එහි ලේකම් ලෙස කටයුතු කර ඇත්තේ ප්‍රියත් බන්දු වික්‍රම බවත් පැවසේ. එම පරීක්ෂණවලදී මොවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම ඉදිරියේදී සිදු විය හැකි බැවින් ඊට පෙර ප්‍රියත් බන්දු වික්‍රම මෙම තොරතුරු හෙළිකිරීමට සූදානම් වන බව පැවසේ.


Share on Google Plus