යෝෂිත සම්බන්ධ විමර්ශණ යට ගසයි.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත සම්බන්ධ ලිපිගොනුව ආරක්ෂක අමාත්‍යංශය විසින් යටගසා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

රියර් අද්මිරාල් ඩී.ඩබ්.ඩී. වෑත්තෑව මහතා ගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටු වාර්තාව අනුව යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සිටින විට නාවික හමුදා නීති රීති උල්ලංඝනය කර ඇති බවට චෝදනා කර තිබේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේත් යෝෂිත රාජපක්ෂ ජනාධිපති ආරක්ෂ අංශයේ නිලධාරියෙකු ලෙස කටයුතු කළ බවද එම වාර්තාවේ සඳහන්.

යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් වූ වාර්තාව මේ වන විට සම්පාදනය කර ආරක්ෂක අමාත්‍යංශයට භාරදුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඉන්දික සිල්වා මහතා තහවුරු කර තිබේ.


Share on Google Plus