රනිල් ජපන් යයි.


සිය දෙවන නිළ සංචාරය ලෙස සිව්දින නිල සංචාරයක් සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (03) අලුයම ජපානය බලා පිටත්ව ගියේය.   මෙම සංචාරය සඳහා අග‍්‍රාමාත්‍යවරයා සමග 8 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්ව ඇති අතර අග‍්‍රාමාත්‍යවරයාගේ ජපාන නිල සංචාරය ලබන 7 වැනිදා දක්වා සිදුකිරීමට නියමිතය.

මෙම සංචාරය තුළදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජපාන අග‍්‍රාමාත්‍ය ෂිං සෝ අබේ මහතා අතර හමුවක්ද  පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍යකාර්යාලය සඳහන්කරයි.


Share on Google Plus