හිටපු හමුදාපතිවරුන් කැඳවනවා කියලා මාව දැනුවත් කරේ නෑ - රුවන්. (interview)


උණුසුම් දේශපාලන මති මතාන්තරවලින් දේශපාලන කරළිය ගිනියම් වෙමින් තිබේ. ජිනීවා යෝජනා හා ජාතික ආරක්ෂාව ඒ මාතෘකා තුළ ඉහළින්ම ලෙළදෙමින් තිබේ. මේ ඒ මාතෘකා සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි. 


  • ප‍්‍රශ්නය - රටේ දේශපාලන තත්ත්වය ඔබට දැනෙන්නේ කොහොමද?

පිළිතුර - දැන් රටේ තියෙන්නේ ජාතික ආණ්ඩුවක්. ඒ විදිහට ජාතික ආණ්ඩුවක් හැටියට කටයුතු කරන කොට යම් යම් ප‍්‍රශ්න මතුවෙන්න පුළුවන්. නමුත් අපි ජාතික ආණ්ඩුවක් විදිහට එකතුවෙලා මේ ගමන යන්නේ රටේ තියෙන ප‍්‍රමුඛ ජාතික ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නයි. 


  • ප‍්‍රශ්නය - ඔබ කිව්වා යම් යම් ප‍්‍රශ්න මතුවෙන්න පුළුවන් කියලා. මොනවද මේ යම් යම් ප‍්‍රශ්න?

පිළිතුර - මේ පක්ෂ දෙකක්නේ. පක්ෂ දෙකක් එකතුවෙලා යනකොට... අපි මේ පක්ෂ දෙකම ඡුන්දෙදි පවා වෙනමනේ හිටියේ. ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකක්නේ. එහෙම පක්ෂ දෙකක් එකතුවෙලා ජාතික ආණ්ඩුවක් විදිහට වැඩකරගෙන යනකොට විවිධ මතවාද මතු වෙනවා. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණයක්. අපි සහයෝගයෙන් හොඳට වැඩ කරගෙන යනවා. 


  • ප‍්‍රශ්නය - වැඩ කරගෙන යනවා කිව්වට එහෙම වැඩක් පේන්න නැහැ. රට එක තැන නතර වෙලා වගෙයි.

පිළිතුර - එහෙම රට එක තැන නතරවෙලා නැහැ. අපි ගමන ආරම්භ කරලා තියෙන්නේ. මේ අයවැයෙන් පස්සේ සංවර්ධන කි‍්‍රයාවලියේ යෝධ පිම්මක් දකින්න ලැබේවි. ජනාධිපතිතුමත්, අගමැතිතුමත් විදේශ සංචාරවලට ගිහිල්ලා රටවල් ගණනාවක නායකයන් හමුවෙලා රටට අවශ්‍ය ආයෝජන ලබා ගන්න සාකච්ඡා කරලා තියෙනවා. සතියකින් දෙකකින් ඒ ආයෝජන එන්නේ නැහැ. යම් සාධාරණ කාලයක් ඒ සඳහා වැය වෙනවා. මේ අවුරුද්ද අවසන් වීමට පෙර සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරන්න සැලසුම් සකස් කරලා තියෙන්නේ.


  • ප‍්‍රශ්නය - මේ ආණ්ඩුව හැසිරෙන්නෙම ජාත්‍යන්තරයට  ඕනෑ විදිහට කියලයි විපක්ෂය නම් කියන්නේ.

පිළිතුර - ඔය චෝදනාව නගන්නේ දේශපාලනිකව අතරමංවෙලා ඉන්න පිරිසක්. මහින්ද රාජපක්ෂ පාලනය සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර තරහා කරගෙනනේ හිටියේ. චීනෙත් එක්ක විතරයි ගනුදෙනුව තියාගෙන හිටියේ. ඉන්දියාව, ඇමෙරිකාව, යුරෝපය ඇතුළු සෑම රටක්ම තරහා කර ගත්තා. අන්තිමට ඉතිරිවෙලා හිටියේ චීනයයි අපි‍්‍රකානු රටවල් කිහිපයක් විතරයි. දැන් ඇත්තටම මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමත් කෙරෙහි ජාත්‍යන්තර නායකයන් තුළ විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා. ගොඩාක් රටවල් මේ රටට ආයෝජන ගේන්න සාකච්ඡා කරලා තියෙන්නේ. රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා හැටියට මාවත් සෑම දවසකම වගේම විදේශ දූත පිරිස් ඇවිත් හමුවෙනවා. ඒගොල්ලෝ සාකච්ඡා කරන්නේ මේ රටට ආයෝජන ගේන්න තමයි. ඒ විදෙස් දූත පිරිස් එක්ක සාකච්ඡුා කරනකොට ඒ අය මේ රටේ අලූත් පාලනය ගැන සෑහෙන විශ්වාසයකින් ඉන්න බව පේනවා. ඒ නිසා මම හිතනවා ඉදිරියේදී මේ රටේ විශාල සංවර්ධනයක්, විශාල පරිවර්තනයක් ඇතිවෙයි කියලා. 


  • ප‍්‍රශ්නය - මේ ආණ්ඩුව යටතේ ජාතික ආරක්ෂාව බරපතළ අනතුරකට ලක්වෙලා තියෙනවා?

පිළිතුර - ජාතික ආරක්ෂාවට කිසිම බලපෑමක් වෙන්න අපි කවුරුවත් ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ ජනාධිපතිතුමා තමයි ආරක්ෂක ඇමැතිවරයා විදිහට කටයුතු කරන්නේ. මමත් ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා හැටියට කවදාවත් මේ රටේ ජාතික ආරක්ෂාවට කිසිම බලපෑමක් කරන්න කාටවත් ඉඩදෙන්නේ නැහැ. විරුද්ධ පක්ෂයේ අනාථවෙලා ඉන්න මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙක් රටේ ජනතාව උසිගන්වන්න හදනවා. ”මේ රට පාවාදීලා ඇමෙරිකාවට අවශ්‍ය විදිහට තමයි මේ ආණ්ඩුව නටන්නේ.” එහෙමයි ඒ අය කියන්නේ. නමුත් ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් ඉතාම සූක්ෂම විදිහට යුද අපරාධ ප‍්‍රශ්නයටයි මානව හිමිකම් ප‍්‍රශ්නයටයි ඉතාම හොඳ විසඳුමක් ලබාගෙන තියෙනවා. ජනාධිපතිතුමත්, අගමැතිතුමත් මේ රට වැටිල තිබුණ උගුලෙන් බේරාගත්තා. රටත් බේරාගත්තා. හමුදාවත් බේරාගෙන ඉතාම හොඳ විසඳුමකට ඇවිත් තියෙනවා. මේක දරාගන්න බැරි නිසා දේශපාලන අනාථයන් පිරිසක් රට පුරා යමින් කෑගහනවා. නමුත් ඇත්තෙන්ම බැලූවොත් ඒ ලැබුණු විසඳුමට අන්තවාදීන් තමයි විරුද්ධවෙලා තියෙන්නේ. එක පැත්තකින් එල්ටීටීඊය වෙනුවෙන් හැම තිස්සෙම පෙනී ඉන්න දේශපාලන අන්තවාදීනුත් මේ පැත්තෙන් දකුණෙ ඉන්න දේශපාලන අන්තවාදීනුත් මේ අපි ගෙනාපු විසඳුමට විරුද්ධයි. අන්තවාදීන් තමයි මේකට විරුද්ධවෙලා ඉන්නේ. නමුත් රට ඒ වැටිලා තිබුණ උගුලෙන් ගලවගන්න, අපේ වීරෝදාර රණවිරුවන් බේරාගන්නත් අපට පුළුවන්වෙලා තියෙනවා.


  • ප‍්‍රශ්නය - යුද අපරාධ හොයන්න යුද අධිකරණ යාන්ත‍්‍රණයක් පත් කරන්න යෝජනා කරලා තියෙනවා.

පිළිතුර - ඔව්.


  • ප‍්‍රශ්නය - ඒකට ආණ්ඩුවත් එකඟ වෙලා තියෙනවා?

පිළිතුර - ඔව්.


  • ප‍්‍රශ්නය - එහෙම එකඟ වීමෙන්ම යුද අපරාධ වුණා කියලා ආණ්ඩුව පිළිඅරගෙන තියෙනවා?

පිළිතුර - එහෙම චෝදනා එල්ල වෙලා තියෙනවනේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළින් ඒ වගේ චෝදනා එල්ලවෙලා තියෙනවා. යුද අපරාධ වෙලා තියෙනවා කියලා ඔවුන් කියනවා. එහෙම යුද අපරාධ වෙලා තියෙනවා නම් කවුරුත් මේ රටේ නීතියට යටත්. දේශපාලනඥයන්ද සියලූ පුරවැසියන්ද ආරක්ෂක අංශ සාමාජිකයන්ද සියලූ දෙනාම මේ රටේ නීතියට යටත්. ඒ යුද සමයේ යම්කිසි අපරාධයක් වෙලා තියෙනවා නම් ඒ ගැන පරීක්ෂණයක් කරන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ යුද හමුදාව ගැන පරීක්ෂණ කරනවා කියලා නොවෙයි. නමුත් ඒ කාලයේ කවුරුහරි නීති විරෝධී කි‍්‍රයා කරලා තියෙනවා නම් උතුරේ සාමාන්‍ය ජනතාව ඝාතනය කරලා තියෙනවා නම් අන්න ඒ පුද්ගලයාට එරෙහිව යම්කිසි පරීක්ෂණයක් කළ යුතුයි. ඒක මේ හමුදාවට විරුද්ධව නොවෙයි. 


  • ප‍්‍රශ්නය - මෙම චෝදනාව මෙයට පෙරත් ජිනීවාවලදී එල්ල වුණා. අපේ රට ඒක ප‍්‍රතික්ෂේප කළා. චීනය, රුසියාව වගේ රටවල් ගණනාවක් ඒ වෙලාවේ අපිත් එක්ක හිට ගත්තා. දැන් ඒ රටවලූත් අනාථයි නේද?

පිළිතුර - හරි. ප‍්‍රතික්ෂේප කළා කියලා දිගින් දිගටම චෝදනා එල්ලවීම නතර වුණාද? ඒ අයත් දිගින් දිගටම මේ චෝදනාව එල්ල කරනවනේ. අපි වුණේ නැහැ කිව්වට වැඩක් නැහැ. ජිනීවා වලින් මේ බලපෑම එනකොට වුණේ නෑ කියන උත්තරය දීලා වැඩක් නැහැ. යම්කිසි පරීක්ෂණයක් කරලා අපි අපේ නිවැරදි බව ජාත්‍යන්තරයට ඔප්පු කළ යුතුයි. අපේ රණවිරුවන් මේ අවමානයෙන් ගලවා ගත යුතුයි. පරීක්ෂණයක් මගින් අපි ඒක ඔප්පු කරමු. එතකොට ප‍්‍රශ්නය ඉවරයිනේ. 


  • ප‍්‍රශ්නය - ඒ පරීක්ෂණයට එන්නේ ජාත්‍යන්තර යුද අධිකරණයක්?

පිළිතුර - ජාත්‍යන්තර අධිකරණයක් නෙවෙයි. ජාත්‍යන්තර වශයෙන් ඒක අධීක්ෂණය කෙරෙනවා. රටේ නීතියට අනුව තමයි සියලූ දේ කෙරෙන්නේ.


  • ප‍්‍රශ්නය - විනිසුරුවන් පිටරටින් නම්, සල්ලි පිටරට නම් ඒක දේශීය අධිකරණයක් වෙන්නේ කොහොමද?

පිළිතුර - මම මුලින් කිව්වා වගේම ඒ අය එන්නේ මේක අධීක්ෂණය කරන්නයි. එහෙම නැතිව ඒ අයට රටේ නීතියට ඇඟිලි ගහන්න බෑ. 


  • ප‍්‍රශ්නය - මේ එන්නේ ජාත්‍යන්තරයට අවශ්‍ය තීන්දුව ගන්න පුළුවන් අධිකරණයක්?

පිළිතුර -  ඕක තමයි විරුද්ධ පක්ෂය කියන්නේ. ඒක මම තනිකරම ප‍්‍රතික්ෂේප කරනවා. මේක තේරුම් ගන්නකෝ. ජාත්‍යන්තරය අපට චෝදනා කරනවා. අපිට ඒවා ප‍්‍රතික්ෂේප කරලා විතරක් නතර වෙන්න බෑ. අපි පරීක්ෂණයක් කළ යුතුයි. ඒ පරීක්ෂණය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය සෑහීමකට පත්විය යුතුයි. ඒ නිසා ඔවුන් එය අධීක්ෂණය කරනවා. පරීක්ෂණයෙන් පස්සේ ඔවුන් පිළිගනීවි අපේ රටේ එහෙම යුද අපරාධ වුණේ නැහැ කියලා. අපේ වීරෝදාර හමුදාව තිස් අවුරුද්දක යුද්ධයක් අවසන් කළේ. ඒ යුද්ධය ජයග‍්‍රහණය කරපු අපේ වීරෝදාර සෙබළුන් එල්ලූම්ගස් යවන්නවත් විදුලි පුටුවට යවන්නවත් කාටවත් අවශ්‍ය නැහැ. මේ රණවිරුවන් අපි දිවි හිමියෙන් ආරක්ෂා කරනවා. අපේ අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී ඉතාම පැහැදිලිව කිව්වා යුද්ධයේ අවසන් කාලයේ අහිංසක වැසියන් ඝාතනය වුණේ එල්ටීටීඊ එකෙන් කියලා. ඒක තමයි ඇත්ත. ඒක මේ පරීක්ෂණයෙන් ඔප්පු වෙයි.


  • ප‍්‍රශ්නය - රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා  විදිහට ඔබට සහතිකයක් දෙන්න පුළුවන්ද මේ හරහා රටට කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා.

පිළිතුර - ඔව්. රටට කිසිම හානියක් වෙන්නෙත් නෑ. හානියක් කරන්න කාටවත් ඉඩ දෙන්නෙත් නැහැ.


  • ප‍්‍රශ්නය - නමුත් හිටපු හමුදාපතිවරුන් සීඅයිඩියට කැඳවලා ප‍්‍රශ්න කරනවා. මම දන්නෙත් නැහැ කියලා ජනාධිපතිවරයා කිව්වා. ජනාධිපති මෛතී‍්‍ර මේ රටේ ආරක්ෂක ඇමැති.

පිළිතුර - ඇත්තටම මම පෞද්ගලිකව හිතන්නේ එතුමා මේ රටේ ජනාධිපතිවරයා හැටියටත් ආරක්ෂක ඇමැතිවරයා හැටියටත් එතුමාව දැනුම්වත් කරන්න තිබුණා කියලයි. 


  • ප‍්‍රශ්නය - ඔබව දැනුම්වත් කළාද?

පිළිතුර - නෑ... මාව දැනුම්වත් කළේත් නැහැ.


  • ප‍්‍රශ්නය - එහෙමනම් කවුද මේ තීන්දු තීරණ ගන්නේ?

පිළිතුර - ඒ අයට දීල තියෙන බලතල අනුව ඔවුන් කි‍්‍රයා කරනවා. ඒ අයට බලතල තියෙනවා. ඒවා ඔවුන් කි‍්‍රයාත්මක කළ යුතුයි. ඉස්සර වුණේ අරලියගහ මන්දිරයට අවශ්‍ය දේ විතරයි. අද එහෙම නැහැ. බලතල තියෙනවා. ඒ නිලධාරීන්ට ඒ බලතල ස්වාධීනව පාවිච්චි කරන්න පුළුවන්. ඒක හොඳ තත්ත්වයක්. ඒ වගේම ඔය ඔබ මතු කරපු කාරණාව ජාතික ආරක්ෂාවට ප‍්‍රශ්නයක් නෙවෙයි. නමුත් හිටපු හමුදාපතිවරුන් හැටියට ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරනවා නම් ආරක්ෂක අමාත්‍යවරයා දැනුම්වත් කළ යුතුව තිබුණා.


  • ප‍්‍රශ්නය - මෙතැන ආණ්ඩු දෙකක් තියෙනවා වගෙයි?

පිළිතුර - ආණ්ඩු දෙකක් නෙවෙයි. ජාතික ආණ්ඩුවක් කිව්වම විවිධ මත වෙනස්කම් පේන්න ගන්නවා. ඒක ආණ්ඩු දෙකක් නොවෙයි. තවම මාස දෙක තුනයි. තව මාස කිහිපයක් යනකොට ඔය මතවාදී වෙනස්කම් නැතිවෙලා යයි. 


  • ප‍්‍රශ්නය - ඇවන්ගාඞ් ප‍්‍රශ්නය මොකක්ද? ඒ සමාගම සල්ලි වීසි කරලා පරීක්ෂණවලට බලපෑම් කරන බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා?

පිළිතුර - ඒ විදියට කාටවත් බලපෑම් කරන්න බෑ. දැන් ඔය ගැන පරීක්ෂණයක් කරනවා. 


  • ප‍්‍රශ්නය - පරීක්ෂණ කරනවා කිව්වට.. ගාලූ වරායේ තිබුණ පාවෙන අවි ගබඩාවට එරෙහිව නඩු පවරන්න බෑ කියලා නීතිපතිවරයා කිව්ව.

පිළිතුර - ඒ පරණ නැව වගේම අලූතෙන් අත්අඩංගුවට ගත්ත නැව ගැනත් අපි ආරක්ෂක මණ්ඩලයේදී සාකච්ඡුා කළා. ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යාංශයට පැවරුවා. ඒ පරීක්ෂණ කටයුතු  කරගෙන යන්න කියලා. ඔබ කියන විදිහටම මුලින් ආපු නැව සම්බන්ධයෙන් අපි නීතිපතිතුමා විමසුවා. නීතිපති දෙපාර්තමේන්තුවෙනුත් කියලා තියෙන්නේ  ඒකේ ප‍්‍රශ්නයක් නැහැ කියලයි. නමුත් අපි පරීක්ෂණ පවත්වාගෙන යනවා. ඒ පරීක්ෂණ ඉතාම ඉක්මනින් අවසන් කරන්නත් බැහැ. ඒක සංකීර්ණ ප‍්‍රශ්නයක්. ඒ පරීක්ෂණ පවත්වාගෙන යන්න ආරක්ෂක ලේකම්තුමාට බාර දීලා තියෙන්නේ. 


  • ප‍්‍රශ්නය - මහජනයාගේ අවධානය වෙනතකට යොමු කරන්න ඇවන්ගාඞ් එක මාධ්‍ය සංදර්ශනයක් බවට පත්කරගෙන තියෙනවා.

පිළිතුර - ඒක වැරදියි. ඒකට එක එක චෝදනා එල්ල වෙනවා. විවිධ ප‍්‍රශ්න මතුවෙනවා. පරීක්ෂණ කරලා බලන්න  ඕනෑ. ඒවායෙ සත්‍යතාවයක් තියෙනවද කියලා. ඒවායෙ සත්‍යතාවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම නිත්‍යානුකූලව පියවර ගන්නවා. පහුගිය ආණ්ඩුව මේ සමාගමට අවශ්‍ය විදිහට බලපත‍්‍ර දීලා තියෙනවා. එහෙම දෙන්න පුළුවන්ද? එහෙම දීපු එක හරිද කියලා බලන්න වෙනවා. 


  • ප‍්‍රශ්නය - විවිධ හේතු මත කරන පරීක්ෂණ නිසා බුද්ධි අංශයේ තොරතුරු අනාවරණය වෙන බවට චෝදනාවක් තියෙනවා. හමුදාව බොහොම කලකිරීමෙන් ඉන්නේ කියලත් වාර්තා වෙනවා?

පිළිතුර - ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. බුද්ධි අංශයේ කිසිම කඩා වැටීමක් නැහැ. බුද්ධි අංශය අපි තව තවත් ශක්තිමත් කරනවා. අපේ ජනාධිපතිතුමාගෙත් අගමැතිතුමාගෙත් බලාපොරොත්තුව ඒකයි. අපේ ආරක්ෂක අංශයේ කොඳු නාරටිය තමයි බුද්ධි අංශය. ඒ නිසා ඒකට කිසිම බලපෑමක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. 


  • ප‍්‍රශ්නය - මාස 60 න් අලූත් රටක්. කියලා කිව්වා. මාස 2 ක් ගෙවිලා ගියා. රැුකියා දස ලක්ෂයක් දෙනවා කිව්වා. කෝ මේ පොරොන්දු?

පිළිතුර - රැකියා දස ලක්ෂය අපි ආරම්භ කරනවා. මේ රටට එන්න තියෙන ආයෝජන දිහා බැලූවම ඒ ඉලක්කය පසු කරන බවට විශ්වාසයි. ආර්ථිකය දියුණු කරලා ඒක තුළ අලූත් රැුකියා අවස්ථා නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා තමයි අපි සැලසුම් සකස් කරන්නේ. පොඞ්ඩක් ඉන්න. ඔබ කිව්වා වගේම තවම මාස දෙකයිනේ. තව මාස දෙකක් ඉවසන්න. අපි ප‍්‍රතිඵල පෙන්වන්නම්. 


  • ප‍්‍රශ්නය - මැතිවරණ ව්‍යාපාරයේදී ඔබ ගම්පහ දිස්ති‍්‍රක් ජනතාව තුළ විශාල බලාපොරොත්තු ඇති කළා. ඒ බලාපොරොත්තුවලට ඔබ වග කියනවද?

පිළිතුර - අනිවාර්යයෙන්ම? මේ අයවැයෙන් පස්සේ ඒ සියලූ කටයුතු අපි ආරම්භ කරනවා. අවුරුදු හතරක සැලැස්මක් අපිට තියෙනවා. ඒ සැලැස්ම කි‍්‍රයාත්මක කිරීම අනිවාර්යයි.

-Lankadeepa.lk

Share on Google Plus